Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

ගිතෙල් කුකීස්

Rating

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

7 Minutes

සැකසීමට ගතවන කාලය

60

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 320g
  • ගිතෙල් 400g
  • පිටි 450g
  • අයිසින් ෂුගර් 250g
  • බේකිං පවුඩර් මේස හැඳි 2
  • වැනිලා එසන්ස් මේස හැඳි 2

අපි ඒක හදමු

පියවර 1
අවන් එක 170°C ට රත්කර ගන්න
පියවර 2
හලාගත් පිටි, අයිසින් ෂුගර් සහ බේකින් පවුඩර් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරගන්න
පියවර 3
වැනිලා, මිල්ක්මේඩ් සහ ගිතෙල්, පිටි මිශ්‍රණයට එකතු කර පිටි මෝලියට අවශ්‍ය පදම ලැබෙන තෙක් හොඳින් මිශ්‍ර කරන්න
පියවර 4
පිටි මෝලිය කුඩා බෝලවලට වෙන් කරගෙන බේකින් පේපර් සමඟ තැටියේ අතුරාගන්න. 170°C උෂ්ණත්වයෙන් මිනිත්තු 7ක් බේක් කරගන්න.