Buy Now

කොකනට් මයිස්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

24

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1
  • දිසිදි පොල් කෝප්ප 6 (400g)
  • අයිසින් සීනි කෝප්ප 2ක් (200g)
  • ග්ලේස්ඩ් චෙරි 8ක්
  • ආමන්ඩ් 16
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 196.3 kcal
  • කාබොහයිඩ්‍රේට් : 19.0 g
  • ප්‍රෝටීන් : 2.5 g
  • මේදය : 12.0 g

අපි ඒක හදමු

පියවර 1
මතුපිට තවරා ගැනීම සඳහා දිසිදි පොල් කෝප්ප ½ක් පමණ පසෙකින් තබාගන්න. MILKMAID බඳුනකට වත්කරන්න. ක්‍රමයෙන් ඉතිරි දිසිදි පොල් සහ අයිසින් සීනි එකතු කරමින්, මෘදු මෝලියක් සාදාගන්න.
පියවර 2
මෝලියෙන් කුඩා කොටසක්, ලෙමන් ගෙඩියක ප්‍රමාණයකට ගෙන මීයෙකුගේ හැඩයට සකස් කරගන්න. දිසිදි පොල් මතුපිටින් තවරා ගන්න.
පියවර 3
ඇස්වලට රිදී පාට බෝල ද, ග්ලේස්ඩ් චෙරි කැබලි නාසයට ද, කන්පෙතිවලට ආමන්ඩ් ද, නූඩ්ල්ස් වල්ගය සඳහා ද යොදන්න. සිසිල් තැනක තබන්න.

පෝෂණ කරුණු

චෙරිවල ලෙඩරෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන ප‍්‍රබල ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වේ.

Ruzna

Always with milkmaid

Ruzna

Yummy and beautiful

Iru

Wow

Iresha

Wow

Iru

Wow

Iresha

Excellent

නිර්දේශිත වට්ටෝරු