Buy Now

බනානා සහ කොකනට් මරැන්ග් පයි

Rating
timer icon

25 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

10 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID කුඩා ටින් 1ක්
  • කෝන් පිටි මේස හැඳි 3ක්
  • වතුර කෝප්ප 1 1/3ක් (330ml)
  • ගසාගත් බිත්තර කහ මද 3
  • බටර් හෝ මාගරින් ( පයි මෝල්ඩ් එකේ පතුලට දැමීමට) මේස හැඳි 2ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්
  • ගාගත් පොල් කෝප්පයක් (ටෝස්ට් කළ)
  • කෙසෙල් ගෙඩි 2ක් (මධ්‍යම ප්‍රමාණය)
  • ලෙමන් ගෙඩියක්
  • පිසින චොක්ලට් 20g (උණුකළ)
  • සීනී පේස්ට් එක සඳහා: (පයිමෝල්ඩ් එකේ පතුලට දැමීමට)
  • බටර් හෝ මාගරින් 40g
  • සීනි 40g
  • බිත්තර සුදු මද 1
  • පිටි 70g
  • වැනිලා එසන්ස් 2-3 drops
  • මරැන්ග් එක සඳහා
  • බිත්තර සුදු මද 3
  • සීනි 150g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 490 kcal
  • කාබොහයිඩ්‍රේට් : 71 g
  • ප්‍රෝටීන් : 8.7 g
  • මේදය : 22.8 g

අපි ඒක හදමු

පියවර 1
සාස්පානක් ලිප තබා එයට වතුරේ දිය කරගත් කොන් පිටි ද්‍රාවණය දමන්න. එයට MILKMAID සහ ගසාගත් බිත්තර කහමද දමමින් පෙණ එන තුරු හැඳිගාන්න . ක්‍රමයෙන් ඝනවන මිශ්‍රණය ලිපෙන් බාගෙන එයට බටර් සහ වැනිලා එසන්ස් මිශ්‍රකර හැඳිගාන්න. මදක් සීත වූ පසු ගාගත් පොල් ද මිශ්‍ර කරන්න.
පියවර 2
සීනී පේස්ට් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය කැබලි සිටින සේ මිශ්‍ර කරන්න. එම මිශ්‍රණය පයිමොල්ඩ් එක පතුලට සහ දෙපැත්තට එන සේ තවරා ශීතකරණයේ විනාඩි 30ක් තබන්න. ශීතකරණයෙන් එලියට ගත් පයිමෝල්ඩ් එකේ වටේට කුඩා කුඩා සිදුරු සදා 160°C උෂ්ණත්වයේ මිනිත්තු10-8 පමණ රන්වන් දුඹුරු පැහැය එනතුරු බේක් කරන්න. ඉන්පසු මෝල්ඩ් එකෙන් ගලවා උණුකරගත් චොකලට් උඩින් තවරා ඩ්‍රයි වෙන්න තබන්න.
පියවර 3
කෙසෙල් කපා ලෙමන්වල දියකර පයි එක පතුලේ ලස්සනට අතුරන්න. එය උඩින් MILKMAID මිශ්‍රණය දමා සිසිල් වීමට පසෙකින් තබන්න. බිත්තර සහ සීනී වලින් සාදාගත් මිශ්‍රණය ස්ටාර් නොසල් එකකට දමා පයි එක උඩින් දමන්න. ඉන්පසු 150℃-170℃ උෂ්ණත්වය ඇති උදුනක මිනිත්තු 5-6 ක් බේක් කරගන්න. අවශ්‍ය නම් ටෝස්ට් කළ පොල්වලින් හා කපාගත් කෙසෙල් වලින් හැඩකරගන්න.

පෝෂණ කරුණු

කෙසෙල් කෙඳි බහුල, පොටෑසියම් සපිරි පලතුරකි.

Rifna

Delicious 😋

Rifna

Highly Recommended

Rifna

Just one word: YUM! ❤️😋

Rifna

Just one word:YUM! ❤️😋

Nayanathara

Amazing

HG

Fantastic , excellent ,Super ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Siththi

Excellent 👌

Siththi

Excellent 👌

Siththi

Excellent 👌

Waruni

Super

Waruni

Yummy

Waruni

Delicious

Dora

Yummy

Fathima

Hb

Fathima

Km

නිර්දේශිත වට්ටෝරු