Buy Now

MILKMAID රේන්බෝ කේක්

Rating
timer icon

60 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • කේක් එක සඳහා:
  • MILKMAID මි.ලි.50ක්
  • දියකරගත් බටර් 125g
  • පිටි 135g
  • සීනි 125g
  • මධ්‍යම ප්‍රමාණයේ බිත්තර 3ක්
  • බේකින් පවුඩර් තේ හැඳි 1ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්
  • කෑමට සුදුසු ආහාර වර්ණක - රතු, තැඹිලි, කහ, කොළ, නිල් සහ දම්
  • අයිසින් සඳහා:
  • MILKMAID මි.ලී.60ක්
  • විපින් ක්‍රීම් 80ml
  • ක්‍රීම් චීස් 100g
  • බටර් 20g
  • අයිසින් සීනි 20g

අපි ඒක හදමු

පියවර 1
60°c ක උෂ්ණත්වයකට අවන් එක රත්කරගන්න. 2 x 20cm ප්‍රමාණයේ වටකුරු බේකින් තැටියකට බටර් තවරාගෙන ඒ වටා බේකින් පේපර් අතුරාගන්න.
පියවර 2
MILKMAID, බටර්, සීනි, බිත්තර, බේකින් පවුඩර් සමඟ මිශ්‍ර කරගත් පිටි, වැනිලා භාජනයකට දමාගනිමින් උකුවන තුරු හොඳින් බීට් කරගන්න.
පියවර 3
මිශ්‍රණය භාජන 6කට බෙදා වෙන්කරගන්න. ඒ ඒ භාජන හයට රතු, තැඹිලි, කහ, කොළ, නිල් සහ දම් පැහැති ආහාර වර්ණක හය වෙනවෙනම යොදා තද පැහැය එනතුරු හොඳින් මිශ්‍ර කරගන්න
පියවර 4
මිශ්‍රණය බේකින් තැටියට දමා හොඳින් අතුරාගන්න. රත්වූ අවන් එකේ මිනිත්තු 12-15ක් අතර කාලයක් පුළුස්සා ගන්න. අවන් එකෙන් පිටතට ගැනීමට පෙර කේක් එක මැදට කූරක් ගසා පිළිස්සී ඇද්දැයි තහවුරු කරගන්න.
පියවර 5
අවන් එකෙන් පිටතට ගෙන සිසිල්වීම සඳහා ටික වේලාවක් තබන්න.
පියවර 6
එම ක්‍රමවේදයම වර්ණක හතටම ඒ ආකාරයෙන්ම සිදුකරගන්න.
අයිසින් එක සඳහා:
පියවර 7
MILKMAID, බටර්, ක්‍රීම් චීස්, අයිසින් සීනි හොඳින් බීට් කරගන්න.
පියවර 8
ක්‍රීම් චීස් හා අයිසින් සීනි උකුවන තුරු, හොඳින් බීට් කරගන්න. එයට බටර් හා MILKMAID එකතුකරගනිමින් හොඳින් මිශ්‍ර කරගන්න. විපින් ක්‍රීම් වෙනමම භාජනයකට ගෙන බීට් කර නැවත එය මිශ්‍රණයට දමමින් මිශ්‍රකරගන්න.
පියවර 9
කේක් ස්ටෑන්ඩ් එක/ තහඩුව මතට පළමු කේක් තට්ටුව තැබීමට ප්‍රථම ඒ මතට අයිසින් මිශ්‍රණයෙන් ස්වල්පයක් දමාගන්න. රතු පැහැති කේක් රවුම ප්‍රථමයෙන් ඒ මත තබාගන්න. සාදාගත් අයිසින් මිශ්‍රණය දමා ගනිමින් එය කේක් එකේ මතුපිටට අතුරාගන්න. ඉන්පසු තැඹිලි, කහ, කොළ, නිල් සහ අවසානයේ දම් පැහැති වර්ණයන් සහිත කේක් ස්ථර එකක් මත එකක් තබාගනිමින් ඒ ආකාරයටම අයිසින් අතුරාගැනීම සිදුකරන්න. අවසානයේ සම්පූර්ණ කේක් ස්ථරයන් වැසෙන ලෙස අයිසින් ඝන ස්ථාරයක් වන සේ අතුරාගන්න.

Amanga

Excellent . ?

Himashi

Teasty.love it

Iresha

My daughter's favorite.. Her birthday cake ..?️❤️

Shakira

simply awesome???

Shakira

simply awesome???

test1

Nice

test1

tasty

Mariam

Will try for birthday

Sewwandi

❤❤❤❤❤

Sewwandi

Yummy

Ramani

Amazing 💗❤😋

Ramani

Yummy 😋

Ramani

Amazing

Ramani

Beautiful 💖

Fathima

Delightful

නිර්දේශිත වට්ටෝරු