Buy Now

ඉඟුරු පාන්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

45 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1 (390g)
  • පිටි 250g
  • බේකිං සෝඩා මේසහැඳි 1 ½
  • බිත්තර 2
  • නැවුම් ඉඟුරු සාරය මේසහැඳි 2
  • බටර් 80g
  • සීනි මේසහැදි 3
  • ජලය 100ml

අපි ඒක හදමු

පියවර 1
සීනිවලට ජලය ස්වල්පයක් ඉස මයික්‍රොවේව් එකේ දමා මිනිත්තු 2-3ක් පමණ රන්වන් දුඹුරු වර්ණයකට හැරෙන තෙක් ඉහළ උෂ්ණත්වයෙන් රත්කරගන්න
පියවර 2
තැටිය ප්‍රවේශමෙන් අවන් එකෙන් ඉවත් කරගෙන උණු කරගත් ජලය 100ml එයට එකතු කරන්න. සීනි සම්පූර්ණයෙන්ම දියවන තුරු හොඳින් මිශ්‍ර කරන්න
පියවර 3
බඳුනකට බටර් දමා හොඳින් බීට් කරගන්න. එයට ඉඟුරු සාරය සහ කැරමල් සිරප් ද දමා නැවතත් බීට් කරගන්න
පියවර 4
මිල්ක්මේඩ් සහ බිත්තර දමා නැවතත් බීට් කරගන්න
පියවර 5
බේකිං සෝඩා සහ පිටි එකට මිශ්‍ර කරන්න. ඉන්පසු පිටි ටික හලාගෙන බැටර් මිශ්‍රණයට එකතු කර සුමට පදමක් එන තෙක් මද වශයෙන් බීට් කරන්න
පියවර 6
බේකිං පේපර් සමඟ පාන් තැටිය සූදානම් කරගෙන මිශ්‍රණය තැටියට වත්කර ගන්න. අවන් එක 160℃ උෂ්ණත්වයෙන් රත්වෙන්නට තබා මිනිත්තු 40-45ක් පමණ බේක් කරගන්න
පියවර 7
රාක්කයක තබා මිනිත්තු 5ක් සිසිල් වෙන්නට හරින්න. පෙති කපා උණු උණුවේම බටර් සමඟ පිළිගන්වන්න

Prasad

not bread fan, average for me

Nethmi

Tasty

Shashikani

Tasty

Rifna

Absolutely delicious 😋

Rifna

Just one word:YUM!😋

HG

Tasty

නිර්දේශිත වට්ටෝරු