Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

අඹ චීස්කේක්

Rating

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • ජෙලටින් 10g
  • කී‍්‍රම් චීස් 200g
  • අඹ රසකාරක තේ හැඳි ¼ක්
  • කුඩා කොටස් වලට කපාගත් අඹ 250g
  • විප්ඩ් කී‍්‍රම් 75g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 195.5 kcal
  • කාබොහයිඩ්‍රේට් : 23.5 g
  • ප්‍රෝටීන් : 6.75 g
  • මේදය : 8.2 g

අපි ඒක හදමු

පියවර 1
වතුර කෝප්ප ¼ක පොඟවාගත් ජෙලටින් උණුවතුර පෑන් එකක ඩබල් බොයිල් කරගන්න. ක්‍රීම් චීස් හොඳින් මිශ්‍රකර පේස්ට් එකක් සාදාගන්න.
පියවර 2
MILKMAID, ජෙලටින් හා අඹ රසකාරකය සමඟ බ්ලෙන්ඩ් කර එය ක්‍රීම් චීස් සමඟ මිශ්‍ර කරගන්න. සැරසීමට වෙනම අඹ ප්‍රමාණයක් ඉතුරු කරගන්න. ඉතිරි අඹ එකතුකර නැවත බ්ලෙන්ඩ් කරගන්න
පියවර 3
විප්ඩ් ක්‍රීම් එයට දමා ගන්න. මිශ්‍රණය මෝල්ඩ් එකකට දමා(අච්චුවකට) සවි වන්නට ශීතකරණයේ තබන්න.
පියවර 4
අඹ කෑලි ගෙන සරසාගන්න.

පෝෂණ කරුණු

අඹ බෙහෙවින් කෙඳි සහිත, විටමින් C සහ විටමින් A සපිරි පලතුරකි.