Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

MILKMAID පෑන් කේක්

Rating

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 320g
  • කිරි කෝප්ප 1ක්
  • බිත්තර 1ක්
  • වැනිලා තේ හැඳි 1ක්
  • පිටි කෝප්ප 1 1/2ක්
  • බේකින් සෝඩා තේ හැඳි 1/2ක්
  • මෘදු කර ගත් බටර් 30g

අපි ඒක හදමු

පියවර 1
MILKMAID, කිරි, බිත්තර සහ වැනිලා එකට දමා මිශ්‍ර වන තුරු හොඳින් හැඳි ගාන්න.
පියවර 2
දැන් එම මිශ්‍රණයට පිටි ක්‍රමයෙන් එකතු කරමින් ගුළි නොගැසෙන තුරු හොඳින් හැඳි ගාන්න. දැන් මෘදු කර ගත් බටර් මිශ්‍රණයට එකතු කරන්න.
පියවර 3
මධ්‍යම උෂ්ණත්වයකට නොන්ස්ටික් පෑන් එක රත් කර ගන්න. බටර් කෝප්ප 1/4ක් පමණ පෑන් එක මතට දමන්න.
පියවර 4
දැන් පෑන් කේක් මිශ්‍රණයෙන් අවශ්‍ය ප්‍රමාණය දමා විනාඩි 1-2ක් පමණ පිස ගන්න. සාදා ගත් පෑන් කේක් එක අනෙක් පස හරවා විනාඩියක් පමණ නැවත පිස ගෙන එළියට ගන්න.
පියවර 5
සම්පූර්ණ මිශ්‍රණය අවසන් වන තුරු මෙම ක්‍රියාවලිය නැවත නැවත කරන්න. පිළිගැන්වීමේ උපදෙස්: MILKMAID හෝ MILKMAID Choco ටොපිං සමග පිළිගන්වන්න.