Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

රොකී රෝඩ්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

25

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • පිසින චොක්ලට් 400g
  • බටර් 20g
  • කපාගත් කජු 100g
  • මාෂ්මෙලොස් ( මධ්‍යම ප්‍රමාණයට කපාගත්) 100g
  • චෙරි (මධ්‍යම ප‍්‍රමාණයට කපාගත්) 100g
  • බිස්කට් (මධ්‍යම ප‍්‍රමාණයට කපාගත්) 100g

අපි ඒක හදමු

පියවර 1
අඟල් 6×6ක හතරැස් ට්‍රේ එකකට බේකින් පේපරයක් තබා සකස් කරන්න. එම තෙල් කඩදාසිය පෑන් එකේ කොන් සියල්ල ද වැසෙන පරිදි තිබිය යුතුය.
පියවර 2
පිසින චොක්ලට් හා බටර්, බෝල් එකකට දමා ඩබල් බොයිල් කරගන්න.
පියවර 3
ඊට MILKMAID එක්කර හොඳින් හැඳි ගා පසුව ලිපෙන් ඉවතට ගන්න.
පියවර 4
සකස් කරන ලද මිශ්‍රණයට කජු, මාෂ්මෙලෝස්, චෙරි හා බිස්කට් එක්කර පෑන්එක මත සමානව පැතිරෙන පරිදි අතුරාගන්න.
පියවර 5
ශීතකරණයට දමා පැය 2කින් පමණ සවි වූ පසු කැබලිවලට කපාගන්න.

පෝෂණ කරුණු

මිල්ක්මේඩ් රොකී රෝඞ් ශක්තිය සපිරි ආහාරයකි. අනුභව කරන ප‍්‍රමාණය ගැන කල්පනාකාරී වන්න.

Piumi

an amazing combination of flavors and textures... never tried anything before like this.. super delicious

Prasad

Heaven is here...! Super delicious

නිර්දේශිත වට්ටෝරු