Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

කොකනට් සහ බනානා පෑන්කේක්

Rating

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

30 Minutes

සැකසීමට ගතවන කාලය

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID මේස හැඳි 3ක්
  • පිටි කෝප්ප 1 ක්
  • කුඩු කරගත් සීනි කෝප්ප 1/3ක්
  • ගසාගත් බිත්තර 2ක්
  • MAGGI පොල් කිරි පවුඩර් තේ හැඳි 2ක්
  • උණු කරගත් බටර් තේ හැඳි 5-6 ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 1/2 ක්
  • කපාගත් කෙසෙල් ගෙඩි 2ක්
  • ලුණු ස්වල්පයක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 169 kcal
  • කාබොහයිඩ්‍රේට් : 21.5 g
  • ප්‍රෝටීන් : 1.9 g
  • මේදය : 8.2 g

අපි ඒක හදමු

පියවර 1
ප්‍රමාණයෙන් විශාල බඳුනක් ගෙන එයට පිටි, සීනි, MILKMAID, බිත්තර, පොල්කිරි, බටර්, වැනිලා එසන්ස් හා ලුණු ස්වල්පයක් දමා මිශ්‍ර කරගන්න. ඉන්පසු කාමර උෂ්ණත්වයේ මිනිත්තු 30ක් පමණ තබන්න.
පියවර 2
පෑන්කේක් පිසීමට පෙර මිශ්‍රණයේ තත්ත්වය පරීක්ෂා කරන්න. මිශ්‍රණය තරමක දියාරු ක්‍රීම් එකක් ලෙස සාදාගත යුතුය. එසේ නොවේ නම් එහි ඝන ගතිය අඩු කිරීමට වතුර ස්වල්පයක් මිශ්‍ර කරන්න.
පියවර 3
රත් කරගත් බටර් ස්වල්පයක් ගෙන පෑන් එකෙහි තවරා මද ගින්නේ රත්වන්න හරින්න. පෑන් එකේ පතල වැසෙන තෙක් අවශ්‍ය පරිදි මිශ්‍රණය දමා මිනිත්තු 1-2ක් පමණ රන්වන් පැහැය වනතෙක් පිසෙන්න හරින්න.
පියවර 4
සාදාගත් පෑන් කේක් මතට කුඩා කෙසෙල් කැබලි දමා කැමති ලෙසකට නමා චොක්ලට් සෝස් දමා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

කෙසෙල් කෙඳි බහුල, පොටෑසියම් සපිරි පලතුරකි.