Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

ස්ට්‍රෝබෙරි ජෙලි ස්ලයිසස්

Rating

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

10 Minutes

සැකසීමට ගතවන කාලය

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • ස්ට්‍රෝබෙරි ජෙලි 200g
  • උණු ජලය 1,000ml (ස්ට්‍රෝබෙරි ජෙලි සකස් කරගැනීමට)
  • ජෙලටින් 10g (ජලය 30mlක් සමඟ මිශ්‍ර කරන්න)
  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • ජලය 400ml

අපි ඒක හදමු

පියවර 1
බඳුනකට ස්ට්‍රෝබෙරි ජෙලි සහ උණු ජලය (1000ml) දමා හොඳින් මිශ්‍ර කර සිසිල් වෙන්නට තබන්න
පියවර 2
ස්ට්‍රෝබෙරි සිරප් කැමති බඳුනකට වත් කර සවි වන තුරු ශීතකරණයේ පැය 2-4 ශීතකරණයේ තබන්න
පියවර 3
පෑන් එකක් ගෙන රත් කරගන්න
පියවර 4
මිල්ක්මේඩ්, ජලය සහ ජෙලටින් පෑන් එකට දමා ගන්න. මිශ්‍රණය බඳුනකට දමා සිසිල් වෙන්නට හරින්න
පියවර 5
ස්ට්‍රෝබෙරි ජෙලි මිශ්‍රණයට උඩින් මිල්ක්මේඩ් වත් කරගන්න
පියවර 6
සවි වන තුරු නැවතත් ශීතකරණයේ පැය 2-4 ශීතකරණයේ තබන්න. සවි වූ පසු කැට වශයෙන් කපා පිළිගන්වන්න