Buy Now

'රාමසාන් ප්‍රීතිය සමග මිල්ක්මේඩ්' වැඩසටහන පිළිබද නියමයන් හා කොන්දේසි

  1. නෙස්ලේ ලංකා පුද්ගලික සමාගම (මෙතැන් සිට 'නෙස්ලේ') විසින් 'රාමසාන් ප්‍රීතිය සමග මිල්ක්මේඩ්' යන නමින් ප්‍රවර්ධක වැඩසටහනක් ඩිජිටල් මාධ්‍ය හරහා පවත්වනු ලැබේ. මෙතැන් සිට එය හැදින්වීමේ පහසුව සදහා “campaign” යනුවෙන් හැදැන්වේ.
  2. මෙම තරග වැඩසටහන 2021 අප්‍රේල් 17 සිට 2021 මැයි 15 දක්වා වලංගු වේ. (මෙතැන් සිට “campaign period” යනුවෙන් හැදින්වේ.) සහභාගිවන්නන් මෙම කාලය ඇතුළත මේ සදහා ප්‍රවේශ විය යුතුය. මෙම ප්‍රවර්ධන වැඩ සටහන ඉහත සදහන් කාල සීමාව සදහා පමණක් වලංගු වේ.
  3. මෙම ප්‍රවර්ධන වැඩසටහන සදහා සහභාගී වීම ස්වේච්ඡාවෙන් කළ හැකි හා විකල්පමය වේ.
  4. මෙම ප්‍රවර්ධන වැඩසටහන නෙස්ලේ ආයතතනයේ සේවකයින්ට හා එම සේවකයින්ගේ පවුලේ අයට, නෙස්ලේ ආයතනයට බද්ධ ආයතන වල සේවකයින්ට හා පවුලේ අයට, මෙම ව්‍යාපාරයේ වෙළද ප්‍රචාරය නියෝජිත ආයතනයට හා එහි මාධ්‍ය සම්බන්ධීකාරක අංශයන්ට හැර අනෙකුත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට විවෘත වේ.
  5. සහභාගී වන්නන්ට මෙම වැඩසටහනට සහභාගීවීමට අවශ්‍ය නිර්ණායක
    1. අන්තර්ජාලය හරහා අතුල්වීමට අදාල ලින්ක් එකේ එන විධානයන් අනුගමනය කරන්න
    2. පෝරමය පුරවන්න
    3. මිල්ක්මේඩ් ටින් එකක් හා අදාල ආහාර වට්ටෝරුව සහිත පින්තූරයක් ඇතුල් කරන්න.
    4. ආහාර වට්ටෝරුව හා සම්බන්ධ විශේෂ කථාව ඉදිරිපත් කරන්න.
    5. ඇතුල්වීම තරවුරු කරන්න.
  6. අදාළ තරග කාලයෙන් පසුව ඇතුළත් වන පුද්ගලයින් හා අදාළ නිර්ණයාක අනුගමනය නොකරන ප්‍රවේශයන් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
  7. ත්‍යාග ලබාගැනීම සම්බන්ධ ගැටළු හෝ ත්‍යාග සම්බන්ධ පැමිණිලි හෝ ඇත්නම් නෙස්ලේ ආයතනයේ පාරිභෝගික සේවය සෘජු දුරකථන අංක (0094) 0114724724 අමතන්න.
  8. කෙසේ වෙතත්, ත්‍යාගලාභීන් විසින් තම නොසැලකිලිමත්කම හෝ අතපසු කිරීමේ ක්‍රියාවන් හේතුවෙන් සිදුකරන කිසිදු පැමිණිල්ලකට නෙස්ලේ ආයතනය වග නොකියයි.
  9. ජයග්‍රාහකයින්ට ලැබෙන ත්‍යාග ලබාගන්නේ කෙසේද, කවදාද යන්න ඔවුන්ට දැනුම් දෙනු ලැබේ.
  10. ජයග්‍රාහකයින් අහඹු ක්‍රමයකට තෝරාගනු ලැබේ. මේ පිළිබද නෙස්ලේ ආයතනයේ තීරණය අවසන් තීරණය වන අතර ඒ පිළබද කිසිදු ලිපිලේඛනයන්ට හෝ විමසීම් වලට පිළිතුරු සැපයීමක් සිදු නොකෙරේ.
  11. නෙස්ලේ ආයතනය මගින් තීරණය කරනු ලබන ත්‍යාගයන් ජයග්‍රාහකයින්ට ලබාදෙනු ලැබේ.
  12. ජයග්‍රාහකයින් වෙතින් නෙස්ලේ ආයතනය මගින් ඉල්ලාසිටින තොරතුරු හා ඔහුගේ/ඇයගේ ජාතික හැදුනුම්පතේ ඡායාපිටපතක් ඉදිරිපත් කළ යුතුවේ.
  13. ත්‍යාග ප්‍රදානයේ නිවැරදිතාවය නෙස්ලේ ආයතනය විසින් පරීක්ෂාකරනු ලැබේ. ජයග්‍රාහකයාගේ නීත්‍යානුකූලභාවය තහවුරු කිරීම සඳහා නෙස්ලේ ආයතනය විසින් මූලික විගණන ප්‍රමිතීන් භාවිතා කරයි. ජයග්‍රාහකයාගේ නීත්‍යානුකූලභාවය පිළිබඳ කිසියම් ගැටළුකාරී අවස්ථා ඇත්නම්, එවැනි ත්‍යාගයන්ට හිමිකම් කියන ජයග්‍රාහකයාට හෝ සහභාගිවන්නාට එරෙහිව ඕනෑම අවස්ථාවක ත්‍යාගය අවලංගු කිරීමට නෙස්ලේ ආයතනයට අයිතිය තිබේ. ජයග්‍රාහකයා අභ්‍යන්තරව නිවරදිතාවය තරවුරු කර නොමැති නම් හෝ ඔහු/ඇයට ළඟා විය නොහැකි නම් හෝ කිසිදු වෙනත් හේතුවක් නිසා ඔවුන්ට ත්‍යාගය ලබා ගත නොහැකි නම්, නෙස්ලේ විසින් ත්‍යාගය වෙනත් සහභාගිවන්නෙකුට ලබා දීමේ අයිතිය ඇත. එය පෙර ජයග්‍රාහකයාට වැඩිදුර දැනුම්දීමකින් තොරව ලබා දෙනු ඇත.
  14. ත්‍යාග ප්‍රදානයේ නිවැරදිතාවය නෙස්ලේ ආයතනය විසින් පරීක්ෂාකරනු ලැබේ. ජයග්‍රාහකයාගේ නීත්‍යානුකූලභාවය තහවුරු කිරීම සඳහා නෙස්ලේ ආයතනය විසින් මූලික විගණන ප්‍රමිතීන් භාවිතා කරයි. ජයග්‍රාහකයාගේ නීත්‍යානුකූලභාවය පිළිබඳ කිසියම් ගැටළුකාරී අවස්ථා ඇත්නම්, එවැනි ත්‍යාගයන්ට හිමිකම් කියන ජයග්‍රාහකයාට හෝ සහභාගිවන්නාට එරෙහිව ඕනෑම අවස්ථාවක ත්‍යාගය අවලංගු කිරීමට නෙස්ලේ ආයතනයට අයිතිය තිබේ. ජයග්‍රාහකයා අභ්‍යන්තරව නිවරදිතාවය තහවුරු කර නොමැති නම් හෝ ඔහු/ඇයට ළඟා විය නොහැකි නම් හෝ කිසිදු වෙනත් හේතුවක් නිසා ඔවුන්ට ත්‍යාගය ලබා ගත නොහැකි නම්, නෙස්ලේ ආයතනය විසින් ත්‍යාගය වෙනත් සහභාගිවන්නෙකුට ලබා දීමේ අයිතිය ඇත. එය පෙර ජයග්‍රාහකයාට වැඩිදුර දැනුම්දීමකින් තොරව ලබා දෙනු ඇත.
  15. ජයග්‍රාහකයෙකු ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූ සහභාගිවන්නෙකු සම්බන්ධ කර නොහැකි නම් ඉන් නිරායාසයෙන්ම අදහස් කරන්නේ තේරීමේ ක්‍රියාවලිය හරහා පුද්ගලයාගේ නම නොතේරුණ බවත් ඔහු ඇය ජයග්‍රාහකයෙකු නොවන බවත් ය.
  16. ත්‍යාගය වෙනත් අයෙකුට පැවරිය නොහැක.
  17. මෙම තරගවැඩසටහනට සහභාගී වීම තුළින්, වැඩිදුර අවසරයකින් තොරව ප්‍රචාරණය, සංස්කරණය, ඉදිරිපත් කිරීම, වෙළඳනාම අධ්‍යයනය, වෙළඳපල පර්යේෂණ, වෙළඳ දැන්වීම් සහ හෝ වෙළඳාම යන අරමුණු සඳහා ජයග්‍රාහකයාගේ නම, ඡායාරූපය, කටහඩ සහ වෙනත් අදාළ තොරතුරු භාවිතා කිරීමට නෙස්ලේ ආයතනයට කාල සීමාවකින් තොරව, ඉදිරි අවසරයකින් තොරව හා වන්දි ගෙවීමකින් තොරව අවසර ලබාදේ.
  18. තරග වැඩසටහන සදහා ලැබුණු කිසිදු ප්‍රවේශයක් භාවිතා කිරීමට එරෙහිවීම පිළිබද නෙස්ලේ ආයතනය සැලකිල්ලට බදුන් නොකරයි.
  19. කිසිදු හේතුවක් ඉදිරිපත් නොකර ඕනෑම ප්‍රවේශයක් ප්‍රතික්ෂේප කිරීමට, මකා දැමීමට හෝ ඉවත් කිරීමට නෙස්ට්ලේ අයතනයට අයිතිය ඇත. කිසියම් ප්‍රවේශයක් ප්‍රතික්ෂේප කිරීම, මකා දැමීම හෝ ඉවත් කිරීම සඳහා නෙස්ලේ විසින් ගනු ලබන ඕනෑම තීරණයක් අවසාන තීරණය වේ. ඒ සදහා ආයතනය බැඳී ඇති අතර කිසිදු ආරවුලකට හෝ අභියෝගයකට යටත් නොවේ.
  20. ඇතුලත් කිරීමේදී භාවිතා කරන අන්තර්ගතයේ කිසියම් ආක්‍රමණශීලී, අපහාසාත්මක, අශෝභන, අපයෝජන අන්තර්ගතයක්, රූපමය නිරූපණයක් හෝ භාෂාවක් අඩංගු නොවිය යුතුය. එය කිසියම් ආකාරයකින් සමාජයේ ඕනෑම කොටසක් විසින් ආක්‍රමණශීලී යැයි සිතිය හැකි හෝ ඕනෑම ආගමක් හෝ නීතියක් යටතේ තහනම් කර ඇත දෙයක් භාවිතා නොකළ යුතුය.
  21. ඉහත කොන්දේසි පිළිපැදීමට අසමත් වන සහභාගිවන්නන් ඔවුන් මෙම වැඩසටහනට ඇතුළත් වීමට නුසුදුසු බවට පත්කිරීමට නෙස්ලේ ආයතනයට අයිතිය ලබාදේ.
  22. සහභාගිවනන්න් විසින් මෙම වැඩසටහනට ඉදිරිපත් කරනු ලබන තොරතුරු හා නිර්මාණයන් වෙනත් තුන්වන පාර්ශවයක බුද්ධිමය අයිතියක් කඩ නොකරන බවට පොරොන්දු විය යුතුය. එසේ කඩකිරීමක් සිදුකළහොත් එහි වගකීම සම්පූර්ණයෙන්ම ඔහු/ඇය විසින් භාරගත යුතුය.
  23. මෙම වැඩසටහන සදහා සහභාගීවන්නන් විසිත් තමාට අයිති නොවන එවන් පින්තූරයක්, දේපලක් මෙම තරගය සදහා ඉදිරිපත් කර ඇත්නම් ඒ සදහා පූර්ව අවසරය ලබා ගැනීමට මින් එකග වේ. යම් තුන්වන පාර්ශවයක් විසින් සහභාගීවන්නන් විසින් අවසර නොගෙන පාවිච්චි කර ඇති යම් පින්තූරයක්, තොරතුරක් හෝ වස්තුවක් වෙනුවෙන් පැමිණිලි කළහොත් හෝ ඒ පිළිබද ගැටුමක් ඇති වුවහොත් එහි සම්පූර්ණ වගකීම එම සහභාගී වන්නන් විසින් භාර ගත යුතුය. නෙස්ලේ ආයතනය විසින් එවන් පැමිණිලි පිළිබද වගකීම හෝ විමර්ෂනය කිරීම සිදු කරනු නොලැබේ.
  24. මෙම තරග වැඩසටහනට අදාල කොන්දේසි හා නියමයන් ඉවත්කර ගැනීමට, මදක් හෝ සම්පූර්ණයෙන් වෙනස් කිරීමට හෝ සම්පූර්ණයෙන් හෝ අඩ වශයෙන් අවලංගු කිරීමට සම්පූර්ණ අයිතිය නෙස්ලේ ආයතනය සතුවේ. කිසිදු පෙර දැනුම්දීමකින් තොරව එසේ කිරීමට අයිතිය ඇති අතර ඒ හරහා ඇති වන කිසිදු පාඩුවකට හෝ හානියකට නෙස්ලේ ආයතනය වගනොකියනු ඇත. මෙම තරග වැඩසටහන සම්බන්ධ සියලුම නියමයන් හා කොන්දේසි සම්බන්ධ අවසන් තීරණ ගැනීමට නෙස්ලේ ආයතනය බැදී ඇත.
  25. රජය මගින්, වෙනත් බලවත් පාර්ශවයක් මගින් හෝ සිදුකල හැකි ක්‍රියාවක් නිසා යම් පාඩුවක් හෝ හානියක් සිදුවුවහොත් එයට වන්දි ලබාදීමට හෝ හානි පූර්ණය කිරීමට නෙස්ලේ ආයතනය බැදී නොමැත.
  26. සහභාගී වන්නන් මෙම තරග වැඩසටහනේ නියමයන් හා කොන්දේසි වලට අකමැති හෝ එකග නොමැතිනම් එයට විසදුම ලෙස මෙම වැඩසටහනට සහභාගී නොවී සිටිය හැක.
  27. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනයට පසු ලැබෙන ප්‍රවේෂයන් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
Sign up Now

ශ්‍රී ලංකාවේ සුවිශේෂීම අතුරුපස සාදන්නගේ එකමුතුවට ඔබත් අදම එකතු වෙලා අපිත් එක්ක යන මේ රසවත් ගමනේ කොටස්කාරයෙක් වෙලා වටිනා තෑගි දිනාගන්න අවස්ථාවක් ලබාගන්න.