Buy Now

රටඉඳි සහ ආමන්ඩ් බාර්ස්

Rating
timer icon

60 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

25 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

40

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • පිටි කෝප්ප 2 ½ක්
  • රුලං කෝප්ප 2ක්
  • බටර් 100g
  • ගිතෙල් 150g
  • වතුර 180ml
  • රෝස වතුර තේ හැඳි 1ක්
  • වියළි රටඉඳි 750g
  • බටර් 50g
  • කුඩු කරගත් සාදික්කා 20g
  • බැදපු ආමන්ඩ් 100g
  • රෝස්ට්කළ තල ඇට (සුදු පැහැති) 50g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 253 kcal
  • කාබොහයිඩ්‍රේට් : 38 g
  • ප්‍රෝටීන් : 4 g
  • මේදය : 10 g

අපි ඒක හදමු

පියවර 1
පිටි සහ රුලං බඳුනකට දමා මිශ්‍ර කරගන්න. බටර් හා ගිතෙල් එකතු කර, මිශ්‍රණය ගුලියක් ආකාරයට අවශ්‍ය සියලුම දෑ සමඟ හොඳින් මිශ්‍ර වනතෙක් ඇඟිලි තුඩු මඟින් මිශ්‍රකරන්න.
පියවර 2
රෝස වතුර සමඟ වතුර මිශ්‍ර කරගන්න. ඇඟිලි තුඩු මඟින් පෙර මිශ්‍රණය මිශ්‍ර කරන අතරතුර රෝස වතුර මිශ්‍රණය ඒ මතින් ටිකෙන් ටික දමාගන්න. පැයක් පමණ ශීතකරණයේ තබන්න.
පියවර 3
බඳුනකට දමාගත් රටඉඳි, බටර් සමඟ මිශ්‍ර කරගන්න. MILKMAID ක්‍රමයෙන් එයට එකතු කරන අතරතුර හොඳින් හැඳිගාන්න. අනතුරුව සාදික්කා, ආමන්ඩ් හා තල ඇට එකතු කරන්න. මෘදු පේස්ට් එකක් සෑදෙනතුරු සියලු ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරගන්න.
පියවර 4
පෙර සාදාගත් ගුලිය ගෙන නැවත හොඳින් අනාගෙන කොටස් 2කට වෙන්කරගන්න.
පියවර 5
සෙන්ටි මීටර් 25×30 ප්‍රමාණයේ ට්‍රේ එකක් ගෙන එහි බටර් තවරාගන්න.
පියවර 6
මිලි මීටර් 3ක පමණ ඝනකමට පළමු මිශ්‍රණයේ කොටස් ගෙන ට්‍රේ එකෙහි පතුලේ අතුරාගන්න.
පියවර 7
එම ගුලිය අතුරාගත් ලේයරයට උඩින් රට ඉඳි පේස්ට් එක සෙන්ටිමීටරයක පමණ ඝනකමට අතුරාගන්න.
පියවර 8
මිශ්‍රණයේ ඉතිරි කොටස ගෙන පෙර ලේයරයට උඩින් අතුරාගන්න.
පියවර 9
190°C උෂ්ණත්වයට කලින් රත්කරගත් උදුනකට දමා මිනිත්තු 20-25 ත් අතර කාලයක් ලා දුඹුරු පැහැ වනතෙක් බේක් කරගන්න.
පියවර 10
සිසිල් වූ පසු කුඩා කොටස් වලට කපාගෙන පිළිගන්වන්න.

පෝෂණ කරුණු

රටඉඳි ආහාරමය කෙඳි බහුල, ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතියට අත්‍යවශ්‍ය වන ප‍්‍රතිඔක්සිකාරක සපිරි පලතුරකි.

Farzy

Wedding special

Rifna

Just one word: YUM!😋❤️

Rifna

Just one word: YUM! 😋❤️

Zani

Delicious

Zani

Yammmy

Zani

I love it

Zani

Zani

🥰❤💯

Fathima

😋

Fathima

Superb 👌😋

Shakila

Delicious 😋

Najeeba

7

Najeeba

4

Farha

19

Ashini

👍👍

නිර්දේශිත වට්ටෝරු