අපි ඒක හදමු
පියවර 1
සීනි, MILKMAID, කොකෝවා පවුඩර් හා වතුර එකට එකතුකර සීනි දිය වනතුරු හොඳින් හැඳිගාන්න. නැවත බටර් ද එක් කරමින් උකුවන තෙක් ලිපේ තබා මද ගින්නේ හැඳිගාන්න.
පියවර 2
ලිපෙන් ඉවතට ගැනීමට පෙර කජු, සුල්තානා හෝ වියළි මිදි, වැනිලා එසන්ස් ඊට එක්කරන්න. ලිපෙන් ඉවතට ගෙන මිනිත්තු 2-3ක් පමණ නැවතත් හොඳින් හැඳිගාන්න.
පියවර 3
මිශ්‍රණය බටර් තැවරූ ට්‍රේ එකකට වත්කර සවිවීමට තබා කැබලිවලට කපාගන්න.