අපි ඒක හදමු
පියවර 1
භාජනයක් තුළට පිටි,සීනි, ලුණු, කුරුඳු සහ බේකින් පවුඩර් දමාගන්න.
පියවර 2
වෙනත් භාජනයකට බිත්තර, දියකරගත් බටර්, MILKMAID, කිරි සහ ආමන්ඩ් එසන්ස් එකතුකර හොඳින් කලවම් කර, එම මිශ්‍රණය පිටි මිශ්‍රණයට එකතු කරන්න
පියවර 3
උණු වතුර සහ බේකින් සෝඩා වලට කැබලි කරගත් රට ඉඳි එකතුකරන්න. හොඳින් මිශ්‍ර කර මිනිත්තු 10ක් පමණ පසෙකින් තබන්න. මිශ්‍රණයට ආමන්ඩ් දමමින් පරිස්සමින් හැඳිගාගන්න.
පියවර 4
බටර් ගාගත් මධ්‍යම ප්‍රමාණයේ මෆින් ටින් එකකට මිශ්‍රණය දමාගෙන 175°C ක උෂ්ණත්වයකින් මිනිත්තු 25ක් 30ක් ලෝහ කූරක් ගසා එය ඇතුළත පිළිස්සී ඇත්දැයි හොඳින් පරීක්ෂාකරමින් බේක් කරගන්න