අපි ඒක හදමු
පියවර 1
නිසි ප්‍රමාණයට අනුව වොෆල් අයන් එක රත්කර ගන්න.
පියවර 2
බිත්තර මෘදුව පිපෙන තුරු මිනිත්තු 2ක් පමණ ගසා ගන්න. පිටි, MILKMAID, වතුර, එළවළු තෙල්, බේකින් පවුඩර්, ලුණු සහ වැනිලා එසන්ස් එකතු කර, මෘදුවන තෙක් ගසා ගන්න.
පියවර 3
වොෆල් අයන් එකට අඩිය නොඅල්ලන කුකිං ස්ප්‍රේ ඉස, මැදට මිශ්‍රණයෙන් කෝප්ප 2/3ක් පමණ දමා පියන වසන්න. මිනිත්තු 5ක් පමණ හෝ වාෂ්ප පිටවීම නවතින තුරු බේක්කර, ගෑරුප්පුවකින් ඉවත් කර ගන්න. ඉතිරි මිශ්‍රණයෙන් ද මෙසේම කරන්න. විප්ඩ් ක්‍රීම් හෝ මේපල් සිරප් සමඟ පිළිගන්වන්න.
පෝෂණ කරුණු
නීරෝගී, සමබර ආහාර වේලක තිබිය යුතු විටමින් හා ඛනිජ වර්ග බොහොමයක් බිත්තරවල අඩංගු වේ. බිත්තර විශිෂ්ට ප්‍රෝටීන් මූලාශ්‍රයක් ද වේ.