අපි ඒක හදමු
පියවර 1
සාස්පානකට ස්ට්රෝබෙරි හා වතුර එක් කර ජලයෙන් වැඩි කොටසක් වාෂ්ප වී ජෑම් ස්වරූපයේ උකු ගතියක් ඇති වන තෙක් මඳ ගින්නේ තබා රත් කරන්න.
පියවර 2
වෙන ම සාස්පානකට MILKMAID හා වයිට් චොක්ලට් එක් කර පළල් පිහියකින් මිශ්රණය පෝරු ගාන විට සාස්පානේ පතුල දැක ගත හැකි වන තෙක් මිනිත්තු 2-3ක් හැඳි ගාන්න.
පියවර 3
වයිට් චොක්ලට් මිශ්රණයට ස්ට්රෝබෙරි එක් කරන්න. මිශ්රණයෙන් බෝල සාදා ගන්න.
පියවර 4
උණු කර ගත් වයිට් චොක්ලට්වල ඔතා ගන්න. පැයක් හෝ මිදෙන තෙක් ශීත කරන්න.