අපි ඒක හදමු
ෆිලින් සඳහා
ක්රීම් චීස් සහ බටර් එකට දමා බීට් කරගන්න. මිල්ක්මේඩ් සිහින්ව මිශ්රණයට එකතු කරගන්න
පියවර 1
ජලය, මාගරින්, ලුණු සහ සීනි එකට මිශ්ර කර උණු කරගන්න. උෂ්ණත්වය අඩුකර පිටි එකතු කරන්න. ලී හැන්දක ආධාරයෙන් හොඳින් මිශ්ර කරගන්න
පියවර 2
මිශ්රණය පෑන් එකෙන් ගැලවී බෝලයක් සේ සැකසෙන තෙක් හොඳින් මිශ්ර කරන්න. ගින්නෙන් බාගෙන මිනිත්තු 2-3ක් සිසිල් වෙන්නට තබන්න
පියවර 3
හෑන්ඩ් බීටරයක් ගෙන මිශ්ර කරමින් බිත්තර එකින් එක එකතු කරන්න. වැනිලා සහ ලුණු එකතු කර නැවතත් හොඳින් බීට් කරන්න
පියවර 4
පයිපිං බෑග් එකක් ගෙන ඉක්ලෙයාර් සකසා 1800C උෂ්ණත්වයෙන් මිනිත්තු 25-30 බේක් කරගෙන සිසිල් වෙන්නට හරින්න
පෝෂණ කරුණු
ක්රීම් චීස්වල මේද සහ කොලෙස්ටරෝල් ඉහළ සංයුතියක් පවතින බැවින් භාවිත කරන ප්රමාණය පිළිබඳ සැලකිලිමත් වන්න