අපි ඒක හදමු
පියවර 1
අවන් එක 160°c උෂ්ණත්වයකට රත්කරගන්න. බේකින් ෂීට් හෝ පාච්මන්ට් කඩදාසි මධ්‍යම ප්‍රමාණයේ බේකින් තැටියකට අසුරාගන්න.
පියවර 2
විශාල භාජනයකට MILKMAID,දුඹුරු සීනි හා බටර් එකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු එයට බිත්තරය, බිත්තර කහමඳය, වැනිලා සහ ආහාර වර්ණක ද එකතු කරමින් හොඳින් කලවම් කරගන්න.
පියවර 3
පිටි, කොකෝ පවුඩර්, බේකින් සෝඩා සහ ලුණු සියල්ල හොඳින් මිශ්‍ර වනතුරු කලවම් කරගන්න. චොකලට් පෙති මතට මිශ්‍රණය දමාගන්න. හැන්දක් ආධාරයෙන් අගලක් පමණ ඝණකම සහිත බෝල වලට වෙන්කරගන්න. එම බෝල දෙකට වෙන්කොටගෙන එකිනෙක මත එකිනෙක සිටින ලෙසට එම කපාගත් බෝල අඩුක්කරගන්න
පියවර 4
පෙර උණුසුම් කරගත් අවන් එකෙහි දමා කුකීස් වල මතුපිට ලා දුඹුරු පැහැයක් වනතුරු මිනිත්තු 12 - 15 ත් අතර කාලයක් බේක් කරගන්න. මිනිත්තු 5ක් පමණ සිසිල්වීමට තබා අසුරා ගන්න.