Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මිල්ක්මේඩ් සිනමන් රෝල්ස්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

30 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් මිලි ලීටර 120
  • පිිටි ග්‍රෑම් 340
  • සීනි ග්‍රෑම් 50
  • ඊස්ට් ග්‍රෑම් 7
  • බේකින් පවුඩර් තේ හැඳි ½
  • ලුණු ග්‍රෑම් 5
  • වතුර මිලි ලීටර 120
  • බටර් ග්‍රෑම් 60
  • පිරවුම
  • මිල්ක්මේඩ් ග්‍රෑම් 100
  • බටර් ග්‍රෑම් 100
  • සීනි ග්‍රෑම් 50
  • කුරුදූ කුඩු ග්‍රෑම් 10
  • අලංකරණය (සැරසුම)
  • මිල්ක්මේඩ් ග්‍රෑම් 100
  • අයිසිං සීනි ග්‍රෑම් 100

අපි ඒක හදමු

Step 1
පිටි සහ ඊස්ට් මිශ්‍ර කර තත්පර 30ක් තබන්න
Step 2
සියලූම වියලි අමුද්‍රව්‍ය එක් කොට මිශ්‍ර කරන්න.
Step 3
ඉන්පසු පිටිවලට අල්ලා ගන්නා තෙක් වතුර එකතුකරමින් මිශ්‍ර කරන්න
Step 4
මාගරින් එකතු කර මෘදූ හා නොඇලෙන සුලූ වන තුරු මිශ්‍ර කරන්න
Step 5
තෙත් රෙද්දකින් ආවරණය කිරීමෙන් පසුව එහි ප්‍රමාණය දෙගුණයක් වනතුරු විනාඩි 20 - 30ක් තබන්න.
Step 6
රෝලින් පින් එකක් යොදා ගනිමින් පිටි ගුලිය තුනී කර ඍජුකෝණ හැඩයට සකස් කර ගන්න. ඊට බටර් සහ මිල්ක්මේඩ් පිරවුම එක් කරන්න ඃතවරන්න-. ඉන්පසු කුරුදූ කුඩු මිශ සීනි ඉසින්න.
Step 7
එසේ සකස් කරගැනීමෙන් පසුව එය රෝල් කරන්න. දෙපස හොඳින් ආවරණය කරන්න. දැන් එය කොටස් 10කට 12කට කපා ගන්න
Step 8
බේකින පෑන් එකෙහි පතුලට බටර් තට්ටුවක් ආලේප කරන්න.සිනමන් රෝල්ස් කැබලි එකට ලංකර පෑන් එකට දමා දෙගුණයක් වී පිපීමට ඉඩ දෙන්න.
Step 9
අංශක 180 උෂ්ණත්වයට විනාඩි 30ක් බේක් කර ගන්න.
Step 10
ඒ අතර අයිසිං සීනි සහ මිල්ක්මේඩ් මිශ්‍රණ සැරසුම සක්ස්කර ගන්න.
Step 11
තරමක් නිවෙන්නට හැර ඒවා රෝල් මත වක්කරන්න.

Sandy

My Amma's fav ❤

Nawshad

Never forget this taste

නිර්දේශිත වට්ටෝරු