අපි ඒක හදමු
පියවර 1
බටර්, සීනි සහ MILKMAID ක්‍රීම් වනතෙක් හොඳින් බීට් කරගන්න. ඉන්පසු බෙකින් පවුඩර් එකතු කරගත් පිටි, ඩාක් චොක්ලට් කැබලි සහ වයිට් චොක්ලට් කැබලි එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
පියවර 2
තේ හැන්දක ප්‍රමාණයකට ගුලි සකසා ගන්න. බටර් තැවරූ බන්දේසියක් මත එම ගුලි තබා ගෑරුප්පුවෙන් පැතලි හැඩය සකස් කරගන්න.
පියවර 3
160°C උෂ්ණත්වයකට රන්වන් පැහැය වනතෙක් හෝ විනාඩි 15 ක් පමණ බේක් කරගන්න. සිසිල් වන්නට හැර පිළිගන්වන්න.
පෝෂණ කරුණු
ඩාක් චොක්ලට්වල ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ රෝග වැළැක්වීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ. එහෙත් ඔබ අනුභව කරන ප්‍රමාණය ගැන සැලකිලිමත් වීමට මතක තබා ගන්න!