අපි ඒක හදමු
පියවර 1
පිටි, MILKMAID, ලුණු හා වතුර බඳුනකට දමා මිශ්ර කරන්න.
පියවර 2
උණු වතුර 150ml සමඟ යීස්ට් දියකර ඉහත මිශ්රණයට දමා හොඳින් අනාගන්න.
පියවර 3
සාදාගත් පිටි ගුලිය මතට බිත්තර කහ මද හා වැනිලා එසන්ස් එක්කර අවසානයේ බටර් ද එකතුකර නැවතත් හොඳින් අනාගන්න.
පියවර 4
පිටි ඇතිරූ බඳුනක එම පිටි ගුලිය දමා ආවරණය කර පිපෙන තුරු මිනිත්තු 25ක් පමණ උණුසුම් තැනක තබන්න
පියවර 5
ලෑල්ලක් මතට පිටි ඉසගෙන එය මතට අඟල් 1ක් පමණ ඝනකම ඇති පිටි ගුලියක් ගෙන රෝල් කර පසුව 30g පමණ වන වෘත්තාකාර කැබලි කපාගෙන මිනිත්තු 30ක් පමණ තබන්න.
පියවර 6
සාදාගත් එම ඩෝනට් රත්කරගත් තෙල්වල දමා රන්වන් පැහැ වනතුරු ගැඹුරු තෙලේ බැදගන්න. ඉන්පසු ඒවා සිසිල් වීමට පසෙකින් තබන්න. අනතුරුව ජෑම් වලින් පුරවා පිළිගන්වන්න