අපි ඒක හදමු
පියවර 1
වතුර, මාගරින්, ලුණු හා සීනි උතුරාගන්න.
පියවර 2
ගින්දර අඩුකර පිටි එකතු කරන්න. ලී හැන්දකින් හොඳින් මිශ්ර කරන්න.
පියවර 3
මිශ්රණය පෑන් එකේ බෝලයක් සෑදෙන තෙක් මිශ්ර කරගන්න. ලිපෙන් ඉවත්කර මිනිත්තු 2-3ක් පමණ සිසිල් වන්න තබන්න.
පියවර 4
බිත්තර එක බැගින් එකතු කරමින්, බීටරයකින් හොඳින් ගසාගන්න. එයට වැනිලා සහ ලුණු එකතුකර තවත් හොඳින් බීට් කරගන්න.
පියවර 5
පයිපින් බෑගයක් ගෙන ඉක්ලෙයාර් එක පයිප් කරගන්න. මිනිත්තු 25-30 ක් පමණ 180°C උෂ්ණත්වයේ බේක් කරගන්න. නිවෙන්නට හරින්න.
පියවර 6
ක්රීම් චීස් හා බටර් බීට් කරගන්න.උණුකළ ඩාක් චොක්ලට් හා MILKMAID ඉතා සිහින් රැල්ලක් ලෙස මිශ්රණයට එකතු කරමින් හොඳින් බීට් කරන්න.
පෝෂණ කරුණු
ක්රීම් චීස් මේද හා කොලෙස්ටරෝල් සපිරි ආහාරයකි. ඔබ අනුභව කරන ප්රමාණය ගැන සැලකිලිමත් වන්න!