අපි ඒක හදමු
පියවර 1
ප්‍රමාණයෙන් විශාල බඳුනක් ගෙන එයට පිටි, සීනි, MILKMAID, බිත්තර, පොල්කිරි, බටර්, වැනිලා එසන්ස් හා ලුණු ස්වල්පයක් දමා මිශ්‍ර කරගන්න. ඉන්පසු කාමර උෂ්ණත්වයේ මිනිත්තු 30ක් පමණ තබන්න.
පියවර 2
පෑන්කේක් පිසීමට පෙර මිශ්‍රණයේ තත්ත්වය පරීක්ෂා කරන්න. මිශ්‍රණය තරමක දියාරු ක්‍රීම් එකක් ලෙස සාදාගත යුතුය. එසේ නොවේ නම් එහි ඝන ගතිය අඩු කිරීමට වතුර ස්වල්පයක් මිශ්‍ර කරන්න.
පියවර 3
රත් කරගත් බටර් ස්වල්පයක් ගෙන පෑන් එකෙහි තවරා මද ගින්නේ රත්වන්න හරින්න. පෑන් එකේ පතල වැසෙන තෙක් අවශ්‍ය පරිදි මිශ්‍රණය දමා මිනිත්තු 1-2ක් පමණ රන්වන් පැහැය වනතෙක් පිසෙන්න හරින්න.
පියවර 4
සාදාගත් පෑන් කේක් මතට කුඩා කෙසෙල් කැබලි දමා කැමති ලෙසකට නමා චොක්ලට් සෝස් දමා පිළිගන්වන්න.
පෝෂණ කරුණු
කෙසෙල් කෙඳි බහුල, පොටෑසියම් සපිරි පලතුරකි.