අපි ඒක හදමු
පියවර 1
චොක්ලට් කුකීස්වල ක්රීම් මදය වෙන් කර පසෙක තබා ගන්න. චොක්ලට් කුකීස් පොඩි කර පසෙක තබා ගන්න.
පියවර 2
බඳුනක් මඳ ගින්නේ තබා බටර්, MILKMAID සහ ක්රීම් මද එක් කර උණු කර ගන්න. හැන්දක් දමා ඈත් මෑත් කර බැලූ විට බඳුනේ පතුල පෙනෙන තෙක් මිනිත්තු 2-3ක් දිගට ම හැඳි ගාන්න.
පියවර 3
තෙල් තවරන ලද පිඟානකට මිශ්රණය වත් කරන්න. පැයක් සිසිල් වන්නට හරින්න.
පියවර 4
සිසිල් කර ගත් මිශ්රණයෙන් බෝල සාදා ගන්න. පොඩි කර ගත් චොක්ලට් කුකීස්වල දවටා ගන්න.