අපි ඒක හදමු
පියවර 1
හොඳින් කුඩුකරගත් කජු සමඟ අනෙක් ද්‍රව්‍ය සියල්ලම මිශ්‍රකර මෘදු තලපයක් සාදා ගන්න.
පියවර 2
ඝන පතුලක් ඇති සාස්පානකට එම මිශ්‍රණය දමා නොඇලී ඝන බෝලයක් සෑදෙන තුරු හැඳිගාමින් මද ගින්නේ පිසගන්න.
පියවර 3
අඟල් 1/8කට තුනී වනසේ, ලෑල්ලක් මත එය අතුරා සිසිල් වූ පසු කැබලිවලට කපාගන්න
පෝෂණ කරුණු
කජු ඇට ශරීරයේ මනා ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට වැදගත් වන විටමින්, ඛනිජ හා ප්‍රතිඔක්සිකාරක සපිරි ආහාරයකි.