Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

තල අලුවා

Rating
Cooking time icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

Cooking stove

30 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • වතුර ටින් 3/4ක්
  • සීනි 500g
  • අන්නාසි (කපාගත් හා ස්ටු කළ) 200g
  • කබලේ බැදගත් තල 150g
  • මාගරින් 45-50g
  • කපාගත් කජු 30g
  • ඉඟුරු දෝසි මේස හැඳි 3ක්
  • කරදමුංගු (තලාගත්) 6ක්
  • වැනිලා එසන්ස් මේස හැඳි 2ක්

අපි ඒක හදමු

පියවර 1
සාස්පානකට MILKMAID, සීනි සහ වතුර මිශ්‍රකර උකුවන තෙක් පිසගන්න. අනතුරුව ස්ටු කළ අන්නාසි හා ඉඟුරු දෝසි එකතු කරන්න. තවත් මිනිත්තු කිහිපයක් වතුර වාෂ්ප වනතෙක්ම පිසගන්න.
පියවර 2
කබලේ බැදගත් තල, කරදමුංගු හා වැනිලා එසන්ස් 60g එකතු කරන්න. බෝලයක් පරිදි සෑදෙන තෙක් පිසගන්න..
පියවර 3
පෑන් එක ලිපෙන් ඉවත් කරගෙන මිශ්‍රණය පිඟානක් මත අතුරාගන්න. ඉතිරි තල මිශ්‍රණය මත අතුරාගන්න..
පියවර 4
දියමන්ති හැඩැති ලෙස කොටස් කපාගන්න.

පෝෂණ කරුණු

තල ඇට තඹ සපිරි ආහාරයකි, ඉතා හොඳ මැංගනීස් මූලාශ‍්‍රයකි, කැල්සියම් සහ යකඩ හා සින්ක් වැනි වෙනත් අත්‍යවශ්‍ය ඛනිජ වර්ග සපිරි පෝෂකයකි.

නිර්දේශිත වට්ටෝරු