Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

ක්‍රිස්මස් ස්පොන්ජ් පුඩිං

Rating
Cooking time icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

Cooking stove

40 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • ස්පොන්ජ් :
  • බිත්තර කහමද 12 ක්
  • බිත්තර සුදුමද 12 ක්
  • පිටි 400g
  • සීනි 300g
  • සුල්තානා
  • වියළි මිදි
  • කපා ගත් කජු
  • කස්ටඩ් :
  • MILKMAID පොඩි ටින් 1/2ක්
  • කිරි කෝප්ප 1ක්
  • බටර් 25g
  • ගසා ගත් බිත්තර 2ක්
  • සාදික්කා පිටි ස්වල්පයක්
  • සුල්තානා 50g

අපි ඒක හදමු

ස්පොන්ජ්:
පියවර 1
බිත්තර කහමදවලට සීනි ග‍්‍රෑම් 100 ක් එක් කර බීට් කරන්න. ඉතිරි සීනි ග‍්‍රෑම් 300 බිත්තර සුදු මදවලට එක් කර බිත්තර සුදු මද මෙරැන්ග් එකක් මෙන් පිපෙන තෙක් බීට් කරන්න.
පියවර 2
බිත්තර සුදු මද මිශ‍්‍රණය පිටිවල ඔතන්න.
පියවර 3
සුල්තානා, වියළි මිදි හා කැබලි කර ගත් කජු එක් කර 160⁰ C උෂ්ණත්වයේ බේක් කරන්න.
පියවර 4
ස්පොන්ජ් එක කොටු හැඩයේ කුට්ටිවලට කපන්න. එම කුට්ටි අඟල් 8×6 ප‍්‍රමාණයේ දීසියක පේළියට තබා පේළි අතරට සුල්තානා ඉසින්න.
කස්ටඩ් :
පියවර 1
MILKMAID, කිරි, බිත්තර හා සාදික්කා එකට මිශ‍්‍ර කර සෙමින් බීට් කරන්න.
පියවර 2
ස්පන්ජි කුට්ටි මතට කස්ටඩ් වක්කර මඳ රස්නය ඇති උදුනක තබා 160⁰ C උෂ්ණත්වය යටතේ මතුපිට රන්වන් දුඹුරු පැහැයට හැරෙන තෙක් මිනිත්තු 30-40ක් බේක් කරන්න.
පියවර 3
උණුවෙන් ම සංග‍්‍රහ කරන්න / කැමති නම් සිසිල් කර ගන්න.

Shashikani

Tasty

නිර්දේශිත වට්ටෝරු