drip
bestweb award
BUY NOW

රතු වෙල්වට් කප් කේක්

සම්පූර්ණ කාලය
40 මිනිත්තු
සැකසීමට ගතවන කාලය 40 මිනිත්තු
සංග්‍රහ කිරීම 15
පෝෂණ තොරතුරු
ශක්තිය :
208.8 kcal
කාබොහයිඩ්‍රේට් :
25 g
ප්‍රෝටීන් :
4.11 g
මේදය :
10.3 g
පෝෂණ කරුණු

ක‍්‍රීම් චීස් මේද හා කොලෙස්ටරෝල් සපිරි ආහාරයකි. ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න!

icon අවශ්‍ය ද්‍රව්‍ය
MILKMAID
පොඩි ටින් 3/4ක්
බටර්
150g
කිරි
50ml
කොකෝවා පවුඩර්
තේ හැඳි 1ක්
වැනිලා එසන්ස්
තේ හැඳි 1ක්
රතු පාට කලරින්
තේ හැඳි 2ක්
ලුණු
ස්වල්පයක්
බේකින් සෝඩා
තේ හැඳි 1/2ක්
බේකින් පවුඩර්
තේ හැඳි 1ක්
හලාගත් පිටි
250g
යෝගට්
150g
රතු විනාකිරි
තේ හැඳි 1ක්
කී‍්‍රම් චීස් තැවරුම:
MILKMAID
පොඩි ටින් 1/2ක්
කී‍්‍රම් චීස්
400g
විප්ඩ් කී‍්‍රම්
100g
icon සාදන ආකාරය

පියවර 1

බටර් වලට MILKMAID සෙමෙන් සෙමෙන් එකතු කරමින් බීට් කරගන්න. පසුව වැනිලා එසන්ස් එක් කරන්න.

පියවර 2

වෙනත් බඳුනක් ගෙන රතු පැහැ කලරින්, කොකෝවා පවුඩර් හා බටර් එකතු කර පේස්ට් එකක් වන ලෙස මිශ‍්‍ර කරගන්න.

පියවර 3

හලාගත් පිටි සහ අනෙකුත් වියළි අමුද්‍රව්‍ය සියල්ලම එක බඳුනකට ගන්න. හලාගත් අමුද්‍රව්‍ය සහ යෝගට් වරින් වර බටර් මිශ්‍රණයට එක් කරන්න. අවසන් වරට එක් කරන යෝගට් එක් කිරීමට පෙර රතු විනාකිරි එකතුකර සියල්ලම එකට මිශ්‍ර කරන්න.

පියවර 4

ඉන්පසු මිශ්‍රණයට කිරි එකතු කර මිශ්‍ර කරන්න.

පියවර 5

පිසීමට පෙර උදුන සකසා ගන්න. ඉන්පසු පේපර් කප් මතට කේක් මිශ්‍රණය එකතු කරන්න.

පියවර 6

160°C උෂ්ණත්වයකින් මිනිත්තු 15-20ක් බේක් කර සිසිල් වීමට පසෙකින් තබන්න.

පියවර 7

ක්‍රීම් චීස් බීට් කරන අතරතුර ඊට MILKMAID එක් කරන්න.

පියවර 8

චීස් මිශ්‍රණයට විප්ඩ් ක්‍රීම් එකතු කර කප් කේක් උඩ සරසා ගන්න.

icon