drip
bestweb award
BUY NOW

ට්‍රැෆික් ලයිට්ස්

සම්පූර්ණ කාලය
10 මිනිත්තු
සැකසීමට ගතවන කාලය 10 මිනිත්තු
සංග්‍රහ කිරීම 6
පෝෂණ තොරතුරු
ශක්තිය :
386 kcal
කාබොහයිඩ්‍රේට් :
48.7 g
ප්‍රෝටීන් :
6.5 g
මේදය :
18.6 g
පෝෂණ කරුණු

කොකෝවා ඇටවලින් ලබා ගන්නා කොකෝවා පවුඩර් කෙඳි සපිරි ආහාරයක් පමණක් නොව සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වැදගත් ඛනිජ ද්‍රව්‍ය වන යකඩ හා මැග්නීසියම් අඩංගු ආහාරයක් ද වේ.

icon අවශ්‍ය ද්‍රව්‍ය
MILKMAID
පොඩි ටින් 1ක්
බටර්
100g
කොකෝවා පව්ඩර්
තේ හැඳි 6ක්
රතු, කොළ සහ කහ පැහැති කැන්ඩිඩ් ෆෘට්
(ට්‍රැෆික් ලයිට්ස් සඳහා)
බිස්කට්
200g (කඩාගත්)
icon සාදන ආකාරය

පියවර 1

MILKMAID, කොකෝවා පවුඩර් සහ බටර් සාස්පානකට දමා නොනවත්වා හැඳිගාමින් උණුකරන්න. මිශ්‍රණය පැතිවල බුබුළු දමන විට දැල්ල අඩුකොට මද ගින්නෙන් මිනිත්තු 8-10 ක් පිසගන්න.

පියවර 2

බිස්කට් එකතුකර ලිපෙන් බාගන්න. බටර් ගාගත් පිඟානක මිශ්‍රණය අතුරා නිවෙන්නට හරින්න.

පියවර 3

නිවුණු පසු අඟල් 2 1/3× 3ක දිග පළල තීරුවලට කපා, වර්ණ තුනක කැන්ඩිඩ් ෆෘට් වලින් සරසාගන්න.

icon