drip
bestweb award
BUY NOW

චොක්ලට් සහ කොකනට් බයිට්ස්

සම්පූර්ණ කාලය
10 මිනිත්තු
සැකසීමට ගතවන කාලය 10 මිනිත්තු
සංග්‍රහ කිරීම 25
පෝෂණ තොරතුරු
ශක්තිය :
126 kcal
කාබොහයිඩ්‍රේට් :
12.4 g
ප්‍රෝටීන් :
2.16 g
මේදය :
5.6 g
පෝෂණ කරුණු

ඩාක් චොක්ලට් වල ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සහ රෝග වැළැක්වීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වේ. එහෙත් ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වීමට මතක තබා ගන්න!

icon අවශ්‍ය ද්‍රව්‍ය
MILKMAID
පොඩි ටින් 1ක්
කුඩු කරගත් ක‍්‍රැකර් බිස්කට්
80g
ගා ගත් පොල්
50g
කපාගත් කජු
50g
ඩාර්ක් චොක්ලට්
20g (කපාගත්)
ලුණු
ස්වල්පයක්
අයිසින් සීනි (රෝල් කරගැනීම සඳහා)
icon සාදන ආකාරය

පියවර 1

පිසීමට පෙර උදුන 180°C සමාන උෂ්ණත්වයකට සකසා ගන්න. අඟල් 8×8 පමණවන පෑන් එකක් සකසා ගන්න.

පියවර 2

මධ්‍යම ප්‍රමාණයේ බඳුනකට ක්‍රැකර් ස්, පොල්, කජු, MILKMAID, පිසින චොකලට් සහ ලුණු එක්කරන්න. එය හොඳින් මිශ්‍රවන තෙක් ලී හැන්දකින් හැඳිගාන්න. පසුව එය සකස් කරගත් පෑන් එකට දමා සමානව පැතලි කර කෙළවරට තදවන සේ සකසා ගන්න.

පියවර 3

මිශ්‍රණයේ චොක්ලට් දියවී මුදුන රන් පැහැවන තුරු මිනිත්තු 15-20 පමණ බේක් කරගන්න. ඉන්පසු චොක්ලට් මිශ්‍රණය හොඳින් කලවම් කර සෙට්වන තුරු සිසිල් වීම සඳහා පසෙකින් තබන්න.

පියවර 4

තේ හැන්දකින් මිශ්‍රණය ගෙන කුඩා ගුලි හැඩයට සකසා ගන්න. ලෑල්ලක් මතට අයිසින් සීනි අතුරා සාදාගත් බෝල උණුසුම තිබියදීම අයිසින් සීනි මත තවරාගන්න.

icon