අපි ඒක හදමු
පියවර 1
සාස්පානකට සහල්, කුරුඳු, ලෙමන් ලෙලි හා කරාඹු නැටි දමා පැයක් පමණ හොඳින් පෙෙඟන්න හරින්න.
පියවර 2
පොඟවා ගත් සහල් මිශ්‍රණය(නිරාවරණය කර) ගින්දර වැඩිකර උතුරන තෙක් තම්බා ගන්න. මිනිත්තු 5කින් පමණ උතුරන්න පටන්ගත් පසු උෂ්ණත්වය මධ්‍යම ප්‍රමාණයට අඩුකර, මිනිත්තු 10-12ක් පමණ හෝ වතුර වාෂ්ප වනතුරු තබන්න.
පියවර 3
ඉන්පසු සහල් තැම්බෙන අතරතුර කිරි එක් කරමින් එය හොඳින් මිශ්‍ර වනතුරු හැඳිගාන්න. ඉන්පසු MILKMAID සහ වැනිලා එසන්ස් එක් කරමින් අවශ්‍ය ඝනකම හා පදම එනතුරු හැඳිගාමින් මිනිත්තු 25-35ක් අතර කාලයක් මඳගින්නේ පිසගන්න.
පියවර 4
පසුව ඉවතට ගෙන සිසිල් වීමට පසෙකින් තබන්න.
සැ.යු. සිසිල් වීමේදී බත්වල ප්‍රමාණය ක්‍රමයෙන් ඝනකම් සහිත වේ. අවසානයේ මෙම පුඩිම සාමාන්‍ය බත් පුඩිමකට වඩා කුඩා වේ.
පෝෂණ කරුණු
බාස්මතී සහල් කෙඳි බහුල ආහාරයකි. කෙඳි යනු ආහාර ජීර්ණ ක්‍රියාවලියට උදව් වන වැදගත් ද්‍රව්‍යයකි.