අපි ඒක හදමු
පියවර 1
බිස්කට්, කොකෝවා පවුඩර් සහ බටර් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. බේකින් පේපර් එකක දමාගත් කේක් පෑන් එකකට මිශ්‍රණය දමා පතුලේ හොඳින් අතුරාගෙන තදකරගන්න.
පියවර 2
ඒ අතුරතුර චෙරි, MILKMAID සහ පොල් එකතු කරගන්න. ඒවා බිස්කට් ලේයරය මත සමානව අතුරාගෙන සවිවනතුරු ශීතකරගන්න.
පියවර 3
එයට උණුකළ පිසින චොක්ලට් හා තෙල් මිශ්‍රකර එයට උඩින් දමාගන්න.
පියවර 4
ශීතකරණයේ දමා සවි වූ පසු කොටස් කපාගන්න.
පෝෂණ කරුණු
චෙරිවල ලෙඩරෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ.