අපි ඒක හදමු
පියවර 1
ක්රීම් (250g), MILKMAID, ජෙලටින් හා වැල් දොඩම් යුෂ බ්ලෙන්ඩරයකට දමා හොඳින් මිශ්ර වන තෙක් බ්ලෙන්ඞ් කරන්න. පසෙක තබන්න.
පියවර 2
සාස්පානක් ගෙන මඳ ගින්නේ තබා වැල් දොඩම් පල්පය සීනි සහ වතුර සමග මිශ්ර කර උකු සිරප් එකක් බවට පත් වන තෙක් පිස ගන්න. පසෙක තබන්න.
පියවර 3
කැබලි කර ගත් චොක්ලට් බඳුනකට දමා උණු කර ගත් ක්රීම් (200g) ඊට එක් කර හොඳින් මිශ්ර කරන්න. පසෙක තබන්න.
පියවර 4
සංග්රහ කිරිමට යොදා ගන්නා පිඟාන ගෙන චොක්ලට් ක්රීම් තට්ටුවක් අතුරා ඊළඟට පැෂන් පෘට් මූස් වක්කරන්න. මිදෙන තෙක් ශීතකරණයේ තබන්න.
පියවර 5
මූස් එක මතට වැල් දොඩම් යුෂ වක්කර සංග්රහ කරන්න.