අපි ඒක හදමු
පියවර 1
කුඩා කැබලිවලට කඩාගත් චොක්ලට් බිස්කට් සහ දියර චොක්ලට් එකට එක් කර හොදින් මිශ්ර කරන්න.
පියවර 2
එය අච්චුවට දමා අච්චුවේ ආකාරයට සකස් කර ගන්න.
පියවර 3
පෑන් එකට මිල්ක්මේඩ් එක් කර ඊට බටර්ද දමන්න. එය තරමක් රත්වීගෙන එන විට සිහින්ව කඩා ගත් චොක්ලට් කැබලිද ඊට එක්කර සිහින් පදමට එනතුරු හොදින් මිශ්ර කරන්න.
පියවර 4
පසුව එම චොක්ලට් මිශ්රණය පෙර සකස්කරගත් අච්චුවට එක් කර සිසිල් වන්නට තබන්න.
පියවර 5
පිළිගැන්වීමට ප්රථම චොක්ලට් දියර තට්ටුවක් දමා ඒ මත කජු කැබලි තබා අලංකාර කර ගන්න.