Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

දොඩම් ටාට්

Rating
Cooking time icon

45 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

45 Minutes

සිසිල් කෑම

cake pop

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • ටාට් පාදම:
  • පිටි 150g
  • සීනි 100g
  • බටර් 50g
  • බිත්තර 1
  • වැනිලා ½ tsp
  • පිරවුම:
  • MILKMAID 120ml
  • බිත්තර කහ මද 1 ½
  • දොඩම් යුෂ 40ml
  • පිටි 30g
  • දොඩම් පොතු 1 tsp

අපි ඒක හදමු

පියවර 1
විදුලි මිශ‍්‍රකයක් යොදා ගෙන බටර්, සීනි, වැනිලා හා ලුණු බීට් කරන්න.
පියවර 2
බටර් මිශ‍්‍රණයට පිටි මිශ‍්‍ර කර මෙළෙක් තලපයක් සාදා ගන්න. අඟල් 9 ටාට් තැටියකට දමා තද කර මිනිත්තු 30ක් ශීතකරණයේ තබන්න.
පිරවුම:
පියවර 1
සීනි, බිත්තර, දොඩම් පොතු, දොඩම් යුෂ හා පිටි යන ද්‍රව්‍ය භාජනයකට දමා මෘදු පෙණ නගින තෙක් බීට් කරන්න
පියවර 2
දොඩම්වලින් සාදා ගත් පිරවුම් ද්‍රව්‍යය කලින් සාදා ගත් ටාට් කවරය තුළට වක්කරන්න. කල්තියා උදුන 175°C උෂ්ණත්වයේ රත් කර පිරවුම ඝන වන තෙක් මිනිත්තු 20ක් පමණ බේක් කරන්න.
පියවර 3
සම්පූර්ණයෙන්ම නිවෙන්නට හැර ශීතකරණයේ තබා සංග‍්‍රහ කරන්න.

නිර්දේශිත වට්ටෝරු