Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

වැනිලා අයිස් ක්‍රීම්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 3/4 ක්
  • සිසිල්කළ කිරි කෝප්ප 1 ½ක්
  • විප්ඩ් ක්‍රීම් කෝප්ප 1 ½ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 216 kcal
  • කාබොහයිඩ්‍රේට් : 31.6 g
  • ප්‍රෝටීන් : 4.3 g
  • මේදය : 3.5 g

අපි ඒක හදමු

පියවර 1
MILKMAID, සිසිල් කළ කිරි හා වැනිලා එසන්ස් බඳුනකට දමා මිශ්‍ර කරගන්න.
පියවර 2
ඉහත මිශ්‍රණයට වෙන වෙනම ගසාගත් විප්ඩ් ක්‍රීම් ක්‍රමයෙන් එකතු කරමින් මිශ්‍ර කරගන්න.
පියවර 3
ඉන්පසුව මිශ්‍රණය අඩක් මිදෙනතුරු ශීතකරණයේ තබන්න.
පියවර 4
අඩක් මිදුණු මිශ්‍රණය ඉවතට ගෙන නැවත හොඳින් බීට් කර නැවත සවිවීමට තබන්න.
පියවර 5
ඉවතට ගෙන කැරමල් සෝස් හෝ උණු කරගත් ෆජ් සෝස් (fudge sauce) දමා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

අස්ථි නීරෝගීව වැඞීමට සහ වර්ධනය වීමට අත්‍යවශ්‍ය වන කැල්සියම්, ෆොස්ෆරස්, මැග්නීසියම් සහ ප්‍රෝටීන් යන පෝෂක ද්‍රව්‍ය කිරිවල අඩංගු වේ.

FAQ Section

ඔබ අයිස්ක්‍රීම් මිශ්‍රණය මෘදු ගතියක් ලබා ගන්නා තෙක් දෙවරක් බීට් කර ශීතකරණයේ තැබිය යුතුය. අයිස්ක්‍රීම් මිශ්‍රණය සෑදූ පසු පළමුව එය අධිශීතකරණයේ පැය 8ක් තබා ශීත කළ පසු නැවත මෘදු වනතුරු බීට් කර දෙවෙනි වරට පැය 6ක් ශීතකරණයේ තැබිය යුතුය. මෙම පියවරෙන් පසුව එය තවමත් සෙට් වී නොමැති නම්, ඔබට එය ශීතකරණය තුළ එක රැයක් තැබිය යුතු වේ.

Sinali

Best dessert ever

Sinali

??

Sandy

It's successful recipe. Thank you milkmaid ☝️♥️

Jayasekara

my favourite recipe.i make ice cream with home made whipping cream and milkmaid.sooo yummy.my little boy most like it.

Shakira

Mouthwatering??

Sinali

This has been by far my fav ice cream from milkmaid

නිර්දේශිත වට්ටෝරු