අපි ඒක හදමු
පියවර 1
මාගරින් හා MILKMAID ටිකෙන් ටික එකතු කරමින් බීට් කරන්න. පසුව වතුර ටිකෙන් ටික මිශ්ර කරගන්න. පිටි, බේකින් සෝඩා, බේකින් පවුඩර් එක් කර හොඳින් හලාගන්න. ඉහත මිශ්රණයට පිටි එකතුකර ගන්න. වැනිලා එසන්ස් ද එකතු කරන්න.
පියවර 2
මිශ්රණය සමාන කොටස් දෙකකට වෙන් කරගෙන එම මිශ්රණයේ එක කොටසකට කොකෝවා පවුඩර් එක් කරන්න. එම කොටස් දෙක පසුව වෙන වෙනම පයිපින් බෑග් තුළට දමන්න.
පියවර 3
විෂ්කම්භය අඟල් 7ක් වූ තැටියකට තෙල් කඩදාසියක් අතුරා එහි මැදට පයිපින් බෑග් වලින් එකක් හැර එකක් සිටින සේ මිශ්රණය වත්කරන්න.
පියවර 4
180℃ උෂ්ණත්වයකින් මිනිත්තු 45-50ක් බේක් කරන්න.
පෝෂණ කරුණු
මේද දිය කළ හැකි K, A, D සහ E යන විටමින් වර්ග බටර්වල අඩංගු වේ. සන්තෘප්ත මේද බහුල ආහාරයක් නිසා HDL වර්ධනය කරයි.