අපි ඒක හදමු
පියවර 1
කොකෝවා පවුඩර්, බේකින් පවුඩර්,බේකින් සෝඩා සහ පාන්පිටි එකට හලා ගන්න. බෝල් එකක් ගෙන එයට මිල්ක්මේඩ්, බටර්,වතුර සහ වැනිලා එක කර මිශ්‍ර කරන්න. දැන් වියලි ද්‍රව්‍ය සහ රටඉදි මිල්ක්මේඩ් මිශ්‍රණයට එක්කර හොදින් කලවම් වනතුරු මිශ්‍ර කරන්න.
පියවර 2
දැන් එම මිශ්‍රණය බේකින් ට්‍රේ එකකට වත් කරන්න. සෙල්සියස් අංශක 150කට පෙර රත් කරන ලද අවන් එකක මිනිත්තු 45ක් බේක් කරගන්න.
පියවර 3
කේක් එක ඉවතට ගෙන එය සිසිල් වෙන්නට කම්බි දැල මත මිනිත්තු 10ක් පමණ තියන්න. දැන් ට්‍රේ එක ඉවත්කර සම්පුර්ණයෙන් සිසිල් වන්නට ඉඩ හරින්න.
පියවර 4
අයිසිං සෑදීමට බටර් ටික බෝල් එකකට දාන්න. එයට හලාගත් කොකෝවා පවුඩර් හා අයිසිං ෂුගර් එක් කරන්න. අවශ්‍ය තරමට උණු වතුර මිශ්‍ර කර අයිසිං එක නියම පදමට සාදා ගන්න.
පියවර 5
කේක් එක සිසිල් වූ පසු අයිසිං කරගන්න.