අපි ඒක හදමු
පියවර 1
කලින්ම උදුන 180°C උෂ්ණත්වයට රත්කරගන්න. අඟල් 4×6 කේක් ටින් එකක බටර් ටිකක් ගා පිටි ඉස පසෙක තබා ගන්න.
පියවර 2
බඳුනකට කිරි, මුදවපු කිරි සහ රටඉඳි මිශ්‍රකර පසෙකින් තබන්න. වෙනත් බඳුනකට බටර් සහ MILKMAID දමා ගසාගන්න. පිටි, බේකින් පවුඩර් සහ බේකින් සෝඩා එයට එකතුකරගන්න.
පියවර 3
මිශ්‍රණ දෙකම එකට එකතු කර හොඳින් ගසාගනිමින් වැනිලා එසන්ස් සහ කජු එක්කර ගන්න. බේකින් තැටියකට දමා මිනිත්තු 25 - 30 ක් පමණ බේක් කර ගන්න. පෙති කපා පිළිගන්වන්න.
පෝෂණ කරුණු
රටඉඳි ආහාරමය කෙඳි බහුල, ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අත්‍යවශ්‍ය වන ප්‍රතිඔක්සිකාරක සපිරි පලතුරකි.