Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

චීස්ලස් චීස්කේක්

Rating
timer icon

50 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

40 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • බිත්තර (සුදු සහ කහ මද වෙන් කර ගත්) 4ක්
  • ඉරිඟු පිටි මේස හැඳි 2 1/2ක්
  • ලෙමන් (මිරිකා ගත්) 3ක්
  • පිටි වන සේ කුඩු කර ගත් විස්කෝතු මේස හැඳි 2ක්
  • බටර් මේස හැඳි 1ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 248.5 kcal
  • කාබොහයිඩ්‍රේට් : 34.0 g
  • ප්‍රෝටීන් : 7.6 g
  • මේදය : 9.2 g

අපි ඒක හදමු

පියවර 1
බේකින් තැටියේ බටර් තවරන්න. පෙණ නගින තෙක් බිත්තර කහ මද බීට් කරන්න. MILKMAID, ඉරිඟු පිටි සහ ලෙමන් යුෂ එක් කරමින් නැවත නවතත් හොඳින් බීට් කරන්න.
පියවර 2
කැටි ගතිය ඇති වන තෙක් බිත්තර සුදු මද බීට් කරන්න. කැටි ගැහුණු බිත්තර සුදු මද MILKMAID මිශ‍්‍රණයට එක් කරන්න.
පියවර 3
බේකින් තැටියේ පතුලට විස්කෝතු කුඩු දමා තද කර ඒ මතට මිශ‍්‍රණය වත් කරන්න. 180Cක්‍ උෂ්ණත්වයේ මිනිත්තු 30-40ක් බේක් කර ගන්න.
පියවර 4
උණුවෙන් ම සංග‍්‍රහ කරන්න.

පෝෂණ කරුණු

නීරෝගී, සමබර ආහාර වේලක තිබිය යුතු විටමින් හා ඛනිජ වර්ග බොහොමයක් බිත්තරවල අඩංගු වේ. බිත්තර විශිෂ්ට ප්‍රෝටීන් මූලාශ‍්‍රයක් ද වේ.

Omalka

Soooooo Delicious... An Excellent Recipe ... ?❤️ Milkmaid ❤?

නිර්දේශිත වට්ටෝරු