Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

කැරට් කේක්

Rating
timer icon

35 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

30 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඞ් කුඩා ටින් 1
  • කැරට් ග‍්‍රෑම් 350
  • කජු ග‍්‍රෑම් 50
  • බටර් ග‍්‍රෑම් 100
  • පිටි ග‍්‍රෑම් 200
  • බේකින් පවුඩර් තේ හැදි 1
  • බේකින් සෝඩා තේ හැදි 1
  • වතුර මිලි ලීටර් 100
  • වැනිලා තේ හැදි 1
  • බටර් ග‍්‍රෑම් 100
  • අයිසිං සුගර් ග‍්‍රෑම් 250
  • දෙහි තේ හැදි 1
  • ක‍්‍රීම් චීස් ග‍්‍රෑම් 125

අපි ඒක හදමු

පියවර 1
භාජනයකට දමා බටර් හොදින් බීට් කර ගන්න. ඊට කිරි පිටි එක් කර හොදින් මිශ‍්‍ර කර ගන්න.
පියවර 2
බේකින් පවුඩර්, බේකින් සෝඩා සහ පිටි එකට එක් කරන්න. කැරට් සහ කජු වලට පිටි ස්වල්පයක් ඉස සෙමෙන් කවලම් කරන්න.
පියවර 3
පසුව මිශ‍්‍රණයට ජලය සහ කිරිපිටි එකතු කරන්න. ඉන්පසු කජු, කැරට් සහ වැනිලා එක්කර හොදින් මිශ‍්‍ර කරන්න.
පියවර 4
මිශ‍්‍රණය හොදින් සකසාගත් බේකින් තැටියකට වත්කර විනාඩි 30ක් 35ක් පමණ සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයකට බේක් කර ගන්න.
පියවර 5
බටර් සහ අයිසිං සුගර් බීට් කර ගන්න. පසුව ඊට ක‍්‍රීම් චීස් එකතු කර ක‍්‍රීම් බවට පත්වන තුරු බීට් කරන්න. අවසානයේදී දෙහි යුෂ එකතු කර හොදින් මිශ‍්‍ර කරන්න.
පියවර 6
කේක් ස්ථර දෙකකට කපන්න. ක‍්‍රීම් චීස් සමග සැන්විච් ලෙස සකසා ඔබ කැමති අයුරින් සකසා ගන්න.

Himashi

Healthy and good

නිර්දේශිත වට්ටෝරු