අපි ඒක හදමු
පියවර 1
පයි ක්රස්ට් එක සාදා ගැනීමට බටර්, කුඩු කරගත් බිස්කට් සහ සීනි එකට එකතුකරමින් බටර් තැවරූ අඟල් 9 ක පෑන් එක මත අතුරාගන්න.
පියවර 2
ක්රීම් චීස් හොඳින් ගසාගන්න. එයට MILKMAID සහ බිත්තර කහ මද බීට් කරගෙන දෙහි යුෂ එකතු කරන්න. බිත්තර සුදු මද සහ ලුණු බීට් කර MILKMAID මිශ්රණය සමඟ එකතු කරන්න.
පියවර 3
මිශ්රණය ක්රස්ට් එක මතට එකතු කරන්න. 150°C උෂ්ණත්වයට මිනිත්තු 50-55 ත් අතර කාලයක් බේක් කරන්න. උදුනෙන් එළියට ගෙන සිසිල් වූ පසුව ශීතකරණයේ තබන්න.
පියවර 4
පලතුරු ටොපින් දමා පිළිගන්වන්න
පෝෂණ කරුණු
ක්රීම් චීස් මේද හා කොලෙස්ටරෝල් සපිරි ආහාරයකි. අනුභව කරන ප්රමාණය ගැන සැලකිලිමත් වන්න!