drip
BUY NOW

අයිස් ක‍්‍රීම් සෝඩා

සම්පූර්ණ කාලය
15 මිනිත්තු
සාදාගැනීමට ගතවන කාලය 15 මිනිත්තු
සැකසීමට ගතවන කාලය 0 මිනිත්තු
සංග්‍රහ කිරීම 10
පෝෂණ තොරතුරු
ශක්තිය :
248.4 kcal
කාබොහයිඩ්‍රේට් :
40.6 g
ප්‍රෝටීන් :
4.2 g
මේදය :
7.8 g
පෝෂණ කරුණු

විපින් ක‍්‍රීම් මේද හා කැලරි බහුල ආහාරයකි. ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න.

icon අවශ්‍ය ද්‍රව්‍ය
MILKMAID
පොඩි ටින් 1ක්
දෙහි යුෂ
තේ හැඳි 1ක්
කොළ පාට කලරින්
තේ හැඳි 1/4ක්
ශීත කළසෝඩා වතුර
800-1000ml
විප්ඩ් ක‍්‍රීම්
8 -10g
icon සාදන ආකාරය

පියවර 1

දැඩි ගතිය ඇති වන තෙක් ක‍්‍රීම් බීට් කර පසෙක තබන්න.

පියවර 2

MILKMAID,දෙහි යුෂ හා කලරින් මිශ‍්‍ර කර අඟල් 8-10 උස වීදුරුවලට සමානව බෙදන්න. වීදුරුවකින් 3/4ක් පමණ පිරෙන තෙක් සෝඩා වතුර වක්කර හොඳින් මිශ‍්‍ර කරන්න.

පියවර 3

එක් එක් වීදුරුවට බීට් කළ ක‍්‍රීම් මේස හැඳි 1ක් බැගින් එක් කර ඉතිරි සෝඩාවලින් වීදුරු පුරවන්න. වහා ම සංග‍්‍රහ කරන්න.

icon