Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

පාන් පුඩිං

Rating

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • කිරි කෝප්ප 2ක්
  • පාන් පෙති 6ක්
  • බිත්තර (හොඳින් බීට් කර ගත්) 6 ක්
  • බටර් 35g
  • වියළි මිදි 50g
  • කජු 20g
  • සීනි මේස හැඳි 3ක්
  • වතුර මේස හැඳි 2ක්

අපි ඒක හදමු

පියවර 1
සීනි මේස හැඳි 3 කුඩා සාස්පානකට දමා වතුර මේස හැඳි 2ක් එක් කරන්න. රන්වන් දුඹුරු පැහැ වන තෙක් සීනි රත් කරන්න. බේකින් තැටියේ බටර් ආලේප කර උණු කර ගත් සීනි වක් කර වියළෙන්නට හරින්න.
පියවර 2
පාන් පෙති මත බටර් තවරා 4ට කපන්න
පියවර 3
MILKMAID, බිත්තර හා කිරි මිශ‍්‍ර කරන්න.
පියවර 4
බේකින් තැටියක පාන් පෙති තබා (අඟල් 8 × 6 තැටියක් වඩාත් සුදුසු වේ) වියළි මිදි ස්වල්පයක් හා MILKMAID මිශ‍්‍රණයෙන් තට්ටුවක් එක් කරන්න (මිශ‍්‍රණය වක්කිරීම සඳහා මේස හැන්දක් යොදා ගත් විට තට්ටුව ඉතා තුනී ආකාරයට සාදා ගත හැකි ය). පාන් පෙති අවසන් වන තෙක් මේ අයුරින් කරන්න.
පියවර 5
MILKMAID මිශ‍්‍රණයේ ඉතිරි කොටස මතුපිටට වක්කරන්න.150°C ක්‍ උෂ්ණත්වයට රත් කර ගත් උදුනක දමා මතුපිට රන්වන් දුඹුරු පැහැ වන තෙක් මිනිත්තු 30-40ක් බේක් කරන්න.
පියවර 6
කැමති නම් කජු යොදා පුඩිම අලංකාර කර ගත හැකි ය. සිසිල් කර සංග‍්‍රහ කරන්න.