අපි ඒක හදමු
පියවර 1
සාස්පානයකට ගිතෙල් එකතු කර කජු සහ මුද්දරප්පලම් රන්වන් පැහැය වන තෙක් බදින්න.
පියවර 2
ඉන්පසු, වෙනත් භාජනයකට ගිතෙල් එකතු කර සෙමොලිනා (රුලං) එකතු කර එය ගිතෙල් සමග පෙගෙන තෙක් උයන්න.
පියවර 3
වෙනම භාජනයක් තුළ, මිල්ක්මේඩ්, ජලය සහ රෝස් වතුර එකතු කර මිශ්ර කර, සෙමොලිනා (රුලං) එකට එකතු කරන්න. ඊලඟට කහ කුඩු සහ එනසාල් කුඩු එකතු කර හොදින් ඒකාබද්ධ වනතුරු උයන්න.
පියවර 4
අවසානයට, බැදපු කජු සහ මුද්දරප්පලම් එකතු කර හොඳින් මිශ්ර කරන්න.
පියවර 5
මිශ්රණය බඳුනකට දමා සමතලා කර කැමති හැඩයන් කපා පිලිගන්වන්න.