අපි ඒක හදමු
පියවර 1
බිත්තර උකු පදමකට එන තෙක් හොඳින් බීට් කරගන්න
පියවර 2
සීනි, මිල්ක්මේඩ් සහ වැනිලා ද එකතු කර හොඳින් බීට් කරගන්න
පියවර 3
වෙනත් බඳුනක, පිටි, කොකෝවා පවුඩර් සහ බේකිං සෝඩා මිශ්‍ර කරගෙන, මෙම වියළි අමුද්‍රව්‍ය බිත්තර මිශ්‍රණයට එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න
පියවර 4
බටර් තවරා ගත් තැටිය මතට මිශ්‍රණය දමාගන්න
පියවර 5
කේක් එක හොඳින් බේක් වන තෙක් මිනිත්තු 15ක් පමණ 190°C උෂ්ණත්වයෙන් පිසගන්න
පියවර 6
අවන් එකෙන් ඉවත් කරගෙන අයිසිං ෂුගර්වලින් සරසා ගන්න
පියවර 7
උණුසුම්ව තිබියදීම කේක් එක රෝල් කරගන්න. මේ අතරතුර ඇතුළත පිරවීම සඳහා අවශ්‍ය මිශ්‍රණය සකසා ගන්න
ඇතුළත පිරවීම සඳහා මිශ්‍රණය:
පියවර 1
බටර් හොඳින් මෘදු වන තෙක් බීට් කරගන්න
පියවර 2
අයිසිං ෂුගර්, කොකෝවා පවුඩර්, මිල්ක්මේඩ් සහ වැනිලා එකතු කරමින් දිගටම බීට් කරන්න
පියවර 3
කේක් එක ඔයිල් පේපරයක් මතට මාරු කර සමාන අයුරින් මිශ්‍රණය තවරා ගන්න
පියවර 4
වාටි හොඳින් තදවන සේ නැවතත් කේක් එක රෝල් කරගන්න. කේක් එක සවිවන තෙක් ශීතකරණයේ තබන්න
පියවර 5
සවි වූ පසු සම්පූර්ණ කේක් එක අයිසිං ෂුගර්වලින් ආවරණය කරන්න
පියවර 6
ගෑරුප්පුවක ආධාරයෙන් අයිසිං ෂුගර් දැවටුම මත ගසක කඳක් මෙන් ඉරි රටා ඇඳ ගන්න
පියවර 7
අයිසිං ෂුගර් සහ සැරසිලි අමුද්‍රව්‍ය හෝ වෙනත් නත්තල් සැරසිලි යොදා කේක් එක සරසා ගන්න
පියවර 8
ශීතකරණයේ තබා පිළිගන්වන්න