drip
bestweb award

Nestlé MILKMAID  ශ්‍රී ලංකාව සමග පවත්වා ගෙන ආ මියුරු සබඳතාව යන්තම් සියවසක් ඉක්මවූවා පමණකි. එහෙත් මෙම ඓතිහාසික සන්නාමයේ ආරම්භය 1866 තරම් ඈතට දිවෙන්නකි. ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ ඩික්සන්  ප්‍රදේශයේ ජෝර්ජ් හියුම් පේජ් සහ එවකට සූරිච්හි එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති හා නියෝජ්‍ය වාණිජ නිලධාරිවරයාව සිටි ඔහුගේ සොහොයුරු චාල්ස් එක්ව රස කළ උකු කිරි නිපදවා අපනයනය කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ චාම් ප්‍රදේශයෙහි Anglo-Swiss Condensed Milk Company නමින් සමාගමක් පිහිටුවූයේ එම වසරේ දී ය. Anglo-Swiss යනු යුරෝපයෙහි පිහිටුවන ලද පළමු රස කළ උකු කිරි සමාගම යි. මෙම අභිනව නූතන සමාගමේ අභිමතාර්ථය වූයේ යුරෝපයට හා මුහුදින් එතෙර රටවලට කිරි නිෂ්පාදන අපනයනය කිරීම යි.

 

සමාගම විසින් නිෂ්පාදිත ලොව පුරා වඩාත් ම ප්‍රචලිත සන්නාමවලින් එකක් ලෙස MILKMAID හැඳින්විය හැකි ය. එහි ලාංඡනය කිරි බාල්දි රැගෙන යන සාම්ප්‍රදායික කිරි දොවන්නියකගේ (A Milkmaid) රූපයකින් සමන්විත විය. කෙසේ වුව ද Milkmaid යන වචනය Anglo-Swiss සමාගමේ කිරි අලෙවි කෙරුණු ඒ ඒ රටේ භාෂාවට පරිවර්තනය කරන ලදි (La Laitière, La Lechera, Die Milchmädchen…)' 1905 දී Anglo-Swiss Condensed Milk Company නමින් හැඳින්වුණු සමාගම Henri Nestlé S.A., Vevey සමාගම සමග ඒකාබද්ධ කෙරිණ. එතැන් සිට MILKMAID සන්නාමය Nestlé MILKMAID යනුවෙන් වෙනස් විය.

Sinhala
Image: